ලබන ජනවාරි 21 වැනිදා පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා රෝහල් 140ක විකිරණ විද්‍යා සේවාවන් අත්හිටුවීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් එක්ස්-රේ (X-ray), සී.ටී. (CT Scan), එම්.ආර්.අයි. (MRI Scan), මැමෝග්‍රෑම් සහ ඇන්ජියෝග්‍රෑම් ඇතුළු අත්‍යවශ්‍ය රෝග විනිශ්චය සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇත.
ජාතික වකුගඩු රෝග විද්‍යායතනයේ නිලධාරියෙකුගේ විෂමාචාර සහ නීතිවිරෝධී ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් 2024 සහ 2025 වසරවලදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද, ඊට එරෙහිව නිසි පියවර ගැනීමට බලධාරීන් අපොහොසත් වීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුවී තිබේ. මෙම වර්ජන කාලසීමාව තුළ විකිරණ සහාය ඇතිව සිදුකරන ශල්‍යකර්ම ද අත්හිටුවීමට නියමිතය.
කෙසේ වෙතත්, රෝගී සත්කාරක සේවා සැලකිල්ලට ගනිමින් විශේෂිත රෝහල් කිහිපයක් වර්ජනයෙන් නිදහස් කර ඇත. ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් වීදිය සහ ද සොයිසා කාන්තා රෝහල් මෙන්ම පිළිකා ප්‍රතිකාර ඒකකවල සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවනු ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා වහා මැදිහත් වී මෙම ගැටලුවට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව සංගමය අවධාරණය කර සිටියි.