දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කඳුකර ජනතාවට රජය පොරොන්දු වූ නිවාස ආධාර හෝ කුලී නිවාස සඳහා මුදල් මෙතෙක් ලබා දී නොමැති බවත්, රජය සිදු කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් වසන්ත මුදලිගේ චෝදනා කරයි. නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ රාගල, කඳපොළ සහ වලපනේ වැනි ප්‍රදේශවල ජනතාව තවමත් සරණාගත කඳවුරුවල අන්ත අසරණව පසුවන බවයි. නිවාස අලුත්වැඩියාවට ලක්ෂ 25ක් හෝ ඉඩම් සඳහා ලක්ෂ 50ක් ලබා දෙන බවට රජය පවසන කරුණු බිම් මට්ටමේදී ඉටු වී නොමැති අතර, පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පවා ක්‍රමවේදයක් නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














