අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇති බව විශ්වාසනීය ආරංචි මාර්ග වාර්තා කර තිබෙනාව.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරා තිබූ මෙම හිටපු අමාත්‍යවරයා දැනට පාර්ලිමේන්තුවේ නොමැතිබව ද සදහන්
ඔහු අමාත්‍ය ධුරය භාරව සිටි සමයේදී, තම අමාත්‍යාංශය මඟින් රක්ෂණයක් පිරිනැමීම සම්බන්ධව සිදුවූ බව කියන දූෂණයක් පිළිබඳ විමර්ශනයක් දැනට පවත්වාගෙන යයි.
එම විමර්ශනයට අදාළව ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා ඇති අතර, එදින දී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියමයක් පවතින බව ආරංචි මාර්ග සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ ඔහු, පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කර තිබෙන අතර අප කල විමර්ශනයක දි වාර්තා වුයේ ඔහු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග බවයි.














