ලෝක වෙළඳපොළේ මිල ගණන්වල සිදුවූ වෙනස්වීම්වලට සාපේක්ෂව සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම තීරණය කර තිබේ. මෙම මිල සංශෝධනය අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇත.
මිල සංශෝධනයට අනුව රුපියල් 4,250 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,330 ක් ලෙස සටහන් වේ. රුපියල් 1,710 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,742 කි. ලෝක වෙළඳපොළ මිල ගණන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.














