ලිට්‍රෝ ගෑස් වල ජනවාරි මස මිල ගණන් සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද, පාරිභෝගිකයාට සහනයක් සැලසීම වෙනුවෙන් ජනවාරි මාසයේදී මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් (Litro Gas) සමාගම තීරණය කර තිබෙන බවයි.
මෙම මාසය පුරාම ලිට්‍රෝ ගෑස් මිල ගණන් පෙර පැවති මට්ටමේම පවතිනු ඇත.
ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482ක මිලකටත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් මිල ගණන් මෙම මාසය තුළද නොවෙනස්ව පවතීයි.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම මත ගෑස් මිල වැඩි කළ යුතු වුවත්, දේශීය ආර්ථික තත්ත්වයන් සලකා බලා මිල වැඩි නොකිරීමට සමාගම තීරණය කර තිබෙනවා. එහෙත් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.














