මල් කියන්නේ හිත නිවන,සතුට දනවන දෙයක්.
මල්වලින් හුඟක් දේවල් කියවෙනවා.
ආදරය,මිත්‍රත්වය,අගය කිරීම්,අලුත් ආරම්භයක් ගෙන ඒම,සමාව ඉල්ලීම් වගේ දේවල් මල් එක්ක බැඳිලා තියෙනවා.
මල් මේ ලෝකේ ලස්සන කරනවා.
ඒවගේම එදිනෙදා ජිවිතයේ බොහෝ අවස්ථාවන්ට මල් කියන්නේ නැතුවම බැරි දෙයක්.
අද වෙනකොට ලෝකයේ ප්‍රධාන වාණිජ කර්මාන්තයක් බවටත් මේක පත් වෙලා තියෙනවා.
ඉතින් අද අපි කතා කරන්නේ මුළු ලෝකයටම මල් සපයන නගරයක් ගැන.
මේ ආසියාවේ විශාලතම මල් තොග වෙළෙඳපොළ.
චීනයේ කුන්මිං හි ඩූනන් ගම්මානය.
මෙය මල් මිලියන ගණනකට නිවහන වෙලා තියෙනවා.
එහි තිබෙන මල් විශේෂ ප්‍රමාණය 300කට අධිකයි.
මල්වලට හිතකර දේශගුණික සහ භූගෝලීය තත්ත්වයන් නිසා කුන්මිං හි ඩූනන් ගම්මානය ආසියාවේ විශාලතම මල් තොග වෙළඳපොළ බවට පත් වෙලා තියෙනවා.
ඒවගේම මේක “චීනයේ මල් වෙළඳපොළේ කේන්ද්‍රස්ථානය”විදිහටත් හඳුන්වනවා.
මෙය ලොව දෙවන විශාලතම නැවුම් කැපූ මල් වෙළඳ මධ්‍යස්ථානය ද වනවා.
මෙම වෙළඳපොළ ආරම්භ වී ඇත්තේ 1980 දශකයේදී පමණ වන බවයි වාර්තා වන්නේ.
එහි දෛනික පිරිවැටුම යුවාන් මිලියන 5.5ක්.
මෙය චීනයේ පළමු වෘත්තීය මල් වෙළඳපොළ ලෙසයි පැවසෙන්නේ.
වසර පුරා මල් පිපෙන නිසා මෙය “මල් නගරය” යන අන්වර්ථ නාමයෙන් හඳුනවනවා.
මේකට චීනයේ මල් අගනුවර කියලත් කියනවා.
- අංජනී කුමාරසිංහ
මෙහි ඩි විස්තරය පහත link එක ඔස්සේ නැරඹිය හැකියි