2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයට අනුව, ලෝකයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
මාර්තු 5 බදාදා නිකුත් කරන ලද 12 වන වාර්ෂික ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සලකා බලන ලද රටවල් 163 අතර ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා.
එම වාර්තාවෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවයි.
ශ්‍රී ලංකාව වසරක් ඇතුළත දර්ශකයේ ස්ථාන 64 කින් පහත වැටී තිබෙනවා.
එමඟින් දිවයින තුළ ත්‍රස්තවාදී තර්ජන අවදානම අඩු වී ඇති බව පැහැදිලි වනවා .
මේ අතර, ශ්‍රී ලංකාව භූතානය සමඟ දකුණු ආසියානු කලාපයේ අඩුම ත්‍රස්තවාදී තර්ජන ඇති රටවල් බවට පත්ව තිබෙනවා.
ප්‍රධාන වශයෙන් පකිස්ථානය විසින් කලාපයේ වැඩිම ත්‍රස්ත තර්ජන පෙන්නුම් කරනවා.
එහෙත් පාකිස්තානයේද දශකයකට පෙර පැවති තත්වයට සාපේක්ෂව ත්‍රස්තවාදය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, සියලුම දකුණු ආසියානු රටවල් දියුණුවක් පෙන්නුම් කරනවා.
ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල අඩුවීමක් වාර්තා වනවා.
දකුණු ආසියාවේ රටවල් හතෙන්, භූතානය සහ ශ්‍රී ලංකාව පමණක් දර්ශකයේ ලකුණු ශුන්යයක් ලබා ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ පසුගිය වසර පහ තුළ කිසිදු රටක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුව නොමැති බවයි.
මේ අතර දෙවන වසරටත් ගෝලීය වශයෙන් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් වූ දෙවන රට ලෙස පාකිස්තානය ශ්‍රේණිගත ව ඇති අතර ඉන්දියාව 14 වන ස්ථානයට පත්ව තිබෙනවා.
- ITN