දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදී යමින් පැවති දීර්ඝ සාකච්ඡා වට අවසන් කරමින්, ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) අතර සන්ධිස්ථානීය නිදහස් වෙළඳ ගිවිසුමකට අද (27) එළඹ තිබේ.
මෙම ඓතිහාසික එකඟතාව හරහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ අවස්ථාවන් යුරෝපා සංගමයේ රටවල් වෙත විවෘත වන අතර, එය ගෝලීය ආර්ථිකයෙන් හතරෙන් එකක පමණ ප්‍රතිශතයක් ආවරණය වන පරිදි සකස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
.
මෙම ගිවිසුම මගින් දෙපාර්ශ්වය අතර පවතින වෙළඳ බාධක ඉවත් කෙරෙන අතර තාක්ෂණික, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල නව ආයෝජන අවස්ථා රැසක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු ආසියානු කලාපයේ ආර්ථික බලවතා වන ඉන්දියාව සහ ලොව බලවත්ම වෙළඳ කලාපයක් වන යුරෝපා සංගමය මෙලෙස ඒකාබද්ධ වීම ගෝලීය වෙළඳ රටාවේ තීරණාත්මක වෙනසක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














