ලෝකයම තිගැස්සෙන අන්දමේ තීන්දු තීරණ ගැනීමට ප්‍රසිද්ධියක් උසුලන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් වැඩභාරගෙන අදට (ජනවාරි 21) හරියටම වසරක් සපිරේ.
පසුගිය වසරක කාලය තුළ ඔහු ගනු ලැබූ අතිශය මතභේදාත්මක සහ ප්‍රබල තීරණ හේතුවෙන් ගෝලීය දේශපාලන හා ආර්ථික රටාව දැඩි වෙනස්කම්වලට ලක් විය.
ට්‍රම්ප්ගේ මෙම වසරක ධුර කාලය තුළ කැපී පෙනුණු ප්‍රධාන සිදුවීම් අතර ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා මැදිහත් වීම, ලෝක වෙළඳ හවුල්කරුවන් මත දැඩි තීරුබදු පැනවීම සහ වෙනිසියුලානු නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ප්‍රධාන වේ. විශේෂයෙන්ම ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඔහු දරන උත්සාහය ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට මෙන්ම අවධානයට ද ලක්විය.
නීතිවිරෝධී සංක්‍රමණිකයන් මැඩපැවැත්වීම සහ ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීම සිය පාලනයේ ප්‍රධාන ජයග්‍රහණ ලෙස ට්‍රම්ප් හඳුන්වා දුන්නද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණය (Mid-term Elections) ඔහුගේ මෙම දැඩි ප්‍රතිපත්තිවලට ජනතාව ලබාදෙන සැබෑ ප්‍රතිචාරය මැන බලන තීරණාත්මක පරීක්ෂණයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














