ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලියේ තෙවැනි ස්ථානය මෙන්ම “ඡායාකාන්ත” (Mrs. Photogenic) කිරුළ ද දිනාගත් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය. ලෝකයේ රටවල් 60ක තරගකාරියන් පරාජය කරමින් ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර දුන් ඇය, අද අලුයම 2.45ට කටාර් ගුවන් සේවයේ යානයකින් මෙරටට ළඟා වූවාය. ඇය පිළිගැනීම සඳහා ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොළ “ගෝල්ඩ් රූට්” පර්යන්තය වෙත පැමිණ සිටියහ.














