වකුගඩු රෝගීන්ට Dialysis කරන සෑම වරකට ම යොදා ගන්නා AVF needle වර්ගය අවශ්‍යව තිබෙනවා.
දැනට ලංකාවේ රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ගොඩක් තැන්වල ඒ needle හිගය පවතිනවා.
ඒ නිසා Dialysis සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව තිබෙනවා.
මෙරට වකුගඩූ රෝගීන්ට ලබා දෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු නොමැති තත්ත්වය දැනට මාස කිහිපයක සිට රෝහල් පද්ධතිය තුළ උග්‍ර තත්ත්වයට පත්වෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය දැනුම් දී තිබෙන බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් ඒහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම ලෙස මැදිහත් නොවුන බවයි.
වකුගඩු රෝගීන්ගේ ගැටලුව උග්‍ර වීම නිසා එම රෝගීන්ට ඉතා විශාල මුදලක් දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
රාජ්‍යයන් අතර සාකච්ඡා මගින් හෝ මේ තත්ත්වය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උනන්දු විය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.
- මේ සදහා උදව් කරන්න කැමති කෙනෙක් ට
VOLUNTEER SL FOUNDATION (GUARANTEE) LIMITED
200810041903
PAN ASIA BANK
NUGEGODA
For More Info: +94 717 811 711
Volunteer