මේ දින වල වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ගොඩනැගී තිබෙනවා.
අමාත්‍යවරයා සතු වත්කම් මොනවා ද?
මිලියන 150ක් සහ 75ක් වටිනා පවුලෙන් උරුම වූ වාණිජ ගොඩනැගිලි දෙකක්
එක් අයිතමයක් රු. මිලියන 3.25ක් වටිනා සූර්ය පැනල දෙකක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 10ක් වටිනා නේවාසික ගොඩනැගිල්ලක්
රු. මිලියන 1.43ක් වටිනා ආභරණ
පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට අයත් පිළිවෙළින් රු. මිලියන 2.21ක් හා 0.91ක් වටිනා ආභරණ
2013 වර්ෂයේ නිෂ්පාදිත රු. මිලියන 15ක් වටිනා ටොයෝටා ප්‍රියස් මෝටර් රථයක්
රු. 653,850ක හා රු. මිලියන 1.1ක ඉත්රුම් තැන්පතු දෙකක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. ලක්ෂ 2ක ස්ථිර තැන්පතුවක්
පවුලේ සාමාජිකයෙකුට අයත් රු. මිලියන 1.1ක ඉතුරුම් තැන්පතුවක්
පවුලේ සාමාජිකයෙකුට අයත් LOLC සමාගමේ කොටස් 21,000ක්
හිමිකාරිත්වය සහිත රු. මිලියන 5.1ක වාර්ෂික අදායමක්
වාර්ෂිකව රු. ලක්ෂ 7ක කෘෂිකාර්මික අදායමක්
වාර්ෂිකව රු. ලක්ෂ 2ක සූර්ය පැනල අදායමක්
පවුලේ සාමාජිකයෙකුට වාර්ෂිකව හිමි වන රු. මිලියන 3ක වාර්ෂික ආදායමක්
ඇ.ඩො. 3,000ක් වටිනා ඩිජිටල් මුදල් ඒකක
ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක සිට පූර්ණ කාලීන ක්‍රියාකාරිකයෙකු වූ ඔහු සතුව මෙවැනි වත්කම් ප්‍රමාණයක් ඇත්තේ කෙසේ දැයි මේ වන විට විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් තිබෙනවා.
මැතිවරණයට පෙර වසන්ත කිව්ව දේ
මැතිවරණයට පෙර පැවති වැඩසටහනක වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ ප්‍රකාශයක් සමාජ මාධයේ හුවමාරු වෙනවා
එහි ඔහු පවසා ඇත්තේ
“මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක… කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්… කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා,”
මේ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස පැවසුවේ මෙසේයි
අපේ පක්ෂයේ සාමාජිකයන්ට වසන්තගේ වත්කම් ගැන ගැටලුවක් නැහැ. අපිට සහයෝගය දීපු ජනතාවටත් ඒවගේ ප්‍රශ්න තියනව කියල මම හිතන්නේ නැහැ. මේ ප්‍රශ්න සියල්ල තියෙන්නේ අපිට මඩ ගහන පාර්ශ්වයන්ට. වසන්තගේ වත්කම් ප්‍රකාශයට පත් කරල තියෙන්නෙත් ඒවා උපයාගත්ත විදිහ කියන්න පුලුවන් නිසානේ. දත්ත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉන්නේ ඒවට
කෙසේ වෙතත් , ඩිජිටල් මුදල් ඒකක සම්බන්ධයෙන් පෙර දිනයක පැවති වැඩසටහනකදී අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ඔහු සිය පුත්‍රයා සමග “ක්‍රිප්ටෝකරන්සි” මිලට ගෙන තිබෙන බවයි.