• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
in පුවත්, විදෙස්, විශේෂාංග, වෙනත්
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

මුහුදු මට්ටමේ සිට එවරස්ට් කඳු මුදුනට දින 3යි පැය 23යි මිනිත්තු 7කින් ගිය වේගවත්ම පුද්ගලයා බවට පත්වීමට ඇමෙරිකානු ජාතික ඇන්ඩෘ උෂාකෝව් සමත් ව තිබෙනවා.

ඇන්ඩෘ මුහුදු මට්ටමේ සිට ගමන ආරම්භ කළේ මැයි පහළොස් වන දින මධ්‍යම රාත්‍රී 12.30ට. නිව්යෝර්ක් සිට කත්මණ්ඩු දක්වා ගුවනින් පැමිණි ඇන්ඩෘ, එවරස්ට් බේස් කෑම්ප් දක්වා හෙලිකොප්ටරයකින් පැමිණ තිබෙන අතර මැයි 19 වැනිදා උදෑසන 9.22ට එවරස්ට් කඳු මුදුනට පැමිණ තිබෙනවා.

ඔහු දින 3යි පැය 23යි මිනිත්තු 7කින් එවරස්ට් කන්ද සම්පුර්ණයෙන්ම තරණය කරලා තියනවා. මේක අදහා ගත නොහැකි විශ්මයක්.

ඇන්ඩෘ තමන්ගේ කණ්ඩායම විදියට තෝර ගත්තේ සුප්‍රසිද්ධ කඳු නගින්නෙක් වන නිම්ස්දායිගේ එලයිට් ගවේෂණ කණ්ඩායම.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්, මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 5364කින් උඩ තියන එවරස්ට් බේස් කෑම්ප් එකට වුණත් හෙලිකොප්ටර් එකකින් ගියත් ලොකු වෙලාවක් ඉන්නේ නැතුව අනිත් පැත්තට එනවා, ඒකට හේතුව ඒ ලෙවල් එකේ තියෙන ඔක්ෂිජන් ප්‍රතිශතය අඩුවීම. එහෙව් එකේ මේ විදියට එක පාර එවරස්ට් කඳු මුදුනට නගිනවා කියන්නේ ඒකනම් විශ්මයක්. අඩුම තරමේ ඇන්ඩෲ ඉහළ උන්නතාංශවල දී හුරුවීම වේගවත් කිරීම සඳහා සමහර කඳු නගින්නන් විසින් භාවිතා කරන සෙනෝන් වායුවවත් භාවිතා කර තිබුණේ නැහැ.

සාමාන්‍ය මනුස්සයෙක් එවරස්ට් නගින්න දවස් 50 ක් වගේ ගන්නවා. ඒ ඇග හුරැ කර ගන්න, බේස් කෑම්ප් ඇවිල්ලා පුහුණු වීම් එහෙමත් කරලා. ඇන්ඩෘ දවස් 4න් කළේ අපි දවස් 50ක් ගන්න ඒ වැඩේම තමා.

ඇන්ඩෘ මේකට පුහුණුවීම් කරලා තියෙන්නේ හයිපොක්සික් ටෙන්ට් එකක, එහෙම නැත්නම් උන්නතාංශ කූඩාරමක. මෙයා මේකේ පැය 400ක් ගත කරලා තියෙනවා. මේ ටෙන්ට් එක ඇතුළේදී අපිට ඕනේ විදියට ඔක්ෂිජන් ප්‍රතිශතය වෙනස් කරන්න පුලුවන්. ඒ කියන්නේ එවරස්ට් කන්ද මුදුනේ තියෙන ඔක්ෂිජන් ප්‍රතිශතයට ගෙදර ඉදන්ම හුරැ වෙලා යන්න පුලුවන්. එවරස්ට් කඳු තරණය කරන බොහෝ දෙනෙක් මේ වැඩේ කරනවා. සාමාන්‍යයෙන් අපි එවරස්ට් මූලික කඳවුරු කඳු නැගීමටත් මේ වගේ ඔක්ශිජන් ලෙවල් එක අඩු කරන ක්‍රමයක් පාවිච්චි කරනවා.

ඇන්ඩෘ කියන්නේ ක්‍රීඩකයින්ට ලබාදෙන පුහුණුවක් හෝ හමුදා පුහුණුවක් නොමැති වයස අවුරුදු 40ක මිනිහෙක්. ඇන්ඩෲගේ රැකියාව වෙන්නේ නිව්යෝර්ක් වල පූර්ණ කාලීන කළමනාකරුවෙකු සහ ඉංජිනේරුවෙකු හැටියට කටයුතු කිරීම. ඒ වගේම ඔහු ප්‍රසිද්ධ කඳු නගින්නේකුත් නෙවෙයි.

හැබැයි අද ඇන්ඩෲ උෂාකොව් මුහුදු මට්ටමේ සිට එවරස්ට් කන්ද මුදුනට ගිය ලොව වේගවත්ම පුද්ගලයා බවට පත්වෙලා. ඔහු බිඳ හෙළුවේ 2019 දී දින 12කින් එවරස්ට් තරණය කළ රොක්සාන් වොගල්ගේ වාර්තාව.

ඇන්ඩෲ උෂාකොව් තමන්ගේ ජයග්‍රහණය ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක් :

“කඳු නැගීමේ ලෝකයේ බොහෝ දෙනෙක් කළ නොහැකි යැයි පැවසූ දේ සාක්ෂාත් කර ගැනීමට ලැබීම ගැන, මම ශාරීරිකව වෙහෙසට පත්ව සිටියත්, ගොඩක් සතුටු වෙනවා. අසාමාන්‍ය දෙයක් කිරීමට ඔබ වෘත්තීය ක්‍රීඩකයෙකු හෝ පූර්ණ කාලීන වික්‍රමාන්විතයෙකු විය යුතු නැති බව මෙයින් පෙන්නුම් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් වුණු මම, කැඩුණු අතක් සහිතව දැවැන්ත සිහිනයක් හඹා ගියා. ඒ විශාල ඉලක්කක් වෙනුවෙන් සීමාවෙන් ඔබ්බට සිතන 99% ක් දෙනා සඳහා. මට ඔබට කියන්න තිබෙන්නේ මෙච්චරයි, ඔබට ඔබේ සිහින සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් අනෙක් සියල්ලන්ම එය කළ නොහැකි යැයි පැවැසුවත් අත් නොහැර එය උත්සාහ කර බලන්න”

ඇමෙරිකානු ජාතික ඇන්ඩෲ උෂාකොව්ගේ මේ වාර්තාව නිකන්ම නිකන් කඳු නැගීමේ වාර්තාවක් විතරක් නොවෙයි. ඔහු කන්ද නගින්න කලින්, ස්මාර්ට් ඔරලෝසුවකට සහ චන්ද්‍රිකා දුරකථනයකට සම්බන්ධ කර ඇති විශේෂ ජෛවමිතික ටැබ්ලටයක් ගිල දමා තිබෙනවා. ඒ හරහා ඔහුගේ ශරීරයේ මොහොතින් මොහොත සිදුවන පරිවර්තනයන් පිළිබඳ කාලීන දත්ත ගබඩා කළා වගේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ වෛද්‍ය හා විද්‍යාත්මක කොමිසමේ ක්‍රීඩා හා ව්‍යායාම විද්‍යාව පිළිබඳ මහාචාර්ය යැනිස් පිට්සියල්ඩිස් විසින් ඒවා බාගත කර අධීක්ෂණය කර තිබෙනවා.

ඒ අධීක්ෂණයත් එක්ක මහාචාර්ය යැනිස් කියන්නේ මෙන්න මෙහෙම කතාවක්

“මේ උත්සාහය වාර්තාගත කඳු නැගීමේ උත්සාහයක් විතරක් නෙවෙයි. මේක වෛද්‍ය විද්‍යාවේ සහ මලල ක්‍රීඩාවේ අනාගතය සඳහා පරීක්ෂණ භූමියක්”

ගිහිං එන්නම්..!

Post Views: 12
Previous Post

ලුණු වෙනුවට බත් එකට මුහුදු වතුර ඉහගන කන්න වෙනවා – අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී උරණ වෙයි

Next Post

ලුණු දැම්ම එන්නෑ !

Editor TTV News

Editor TTV News

Next Post
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved