මෑතකදී අපේ රටට ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හමුවේ මිනිස්කම මෙන්ම සත්ව කරුණාවද ඉතා ඉහළින් දකින්නට ලැබුණ දෙයක්. මේ ව්‍යසනයත් සමග මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි ලෙස පීඩාවට පත් වුණා.
පසුගිය දා ඇති වූ ස්වභාවික විපත්තිය හමුවේ මිනිසුන් මෙන්ම සතුන් ද දැඩි ලෙස පීඩාවට පත් වුණා. එහිදී තම ජීවිත පවා නොතකා සුනඛයන්, බළලුන් වැනි කුඩා සතුන්ගේ සිට අලි ඇතුන් දක්වා සියලු සත්වයන් බේරා ගන්න ජනතාව ඉදිරිපත් වුණේ තමන්ගේ ජීවිතය ගැනත් නොතකා
ආපදාව හමුවේ කැපී පෙනුණු සිද්ධීන් නම් තමන්ව ආදරයෙන් බලාගත් තමන්ගේ නිවසියන් පොළව යට සැගවෙද්දි බොහෝ සුනඛයන් ඒ ඒ ප්‍රදේශවල කැ ගසමින් වැතිරී සිටියා අපි දැක්කා. පොළව යට පස් හාරා අවුස්නමින් තමන්ගේ ආදරණියයන් වෙනුවෙන් වෙහෙසෙන බල්ලන් අපි දැක්කා. ඒ වගේම අතරමං වු අලි පැටවුන්ට කිරි ලබා දෙන මිනිස්සු අපි දැක්කා. ආහාර ලබා දෙනව අපි දැක්කා.
පැටවුන් අහිමි වූ සහ ජලයෙන් කොටු වූ අලි ඇතුන්ගේ ශෝකී පුවත් එක දිගට වාර්තා වුණා. අලි වතුරට ගසාගෙන ගොස් මිය ගොස් තිබෙනවා අපි දැක්කා. ඒ කොහොම උනත් මිහිතලය මිනිසාට පමණක් නොව සතුන්ට ද අයිති බව අපි ප්‍රායෝගිකවම අත්වින්දා.
මේ සිද්ධිදාමයන් අස්සේ අපිට මතක් උනේ අපේ රටේ හීලෑ අලි
අපේ රටේ අලි සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයෙක් තමයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් කියන්නෙ. කාලගුණික තත්වයත් ඒක්ක අපේ රටේ පශු වෛද්‍ය කණ්ඩායම් මේ සත්තු ගැන බලන්න අමතක කරේ නැහැ. ඒ වගේම අලි හිමිකරුවනුත් මේ අලින් ගැන දැඩි අවධානයකින් පසු වුණා. ඒ හේතුවෙන්ම තමයි අපේ රටේ හීලෑ අලි ගැන කිසිම ආරංචියක් මේ කාලගුණ විපත් අස්සේ නොතිබුණේ.
රටම ස්වභාවික විපත්වලින් කැළඹී තිබියදී, පශු වෛද්‍ය තරිඳු මහතාගේ අවධානය යොමු වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය වෙතට. විශේෂයෙන්ම ඇත් පන්තියේ මෙම ඇත්තුන්ට මද කිපෙන කාලය. කොහොම නමුත් ඉන්දි රාජා, බුරුම රාජා සහ තායි ඇතා කෙරෙහි අධික වර්ෂාවෙන් එල්ල විය හැකි බලපෑම පිළිබඳව ඔහු දැඩි සැලකිල්ලක් දැක්වුා. රටම ආපදාවෙන් වෙලී පවතින මොහොතක ඔවුන්ට තමන්ගේ හුරුපුරුදු නිවහන තුළම කිසිදු ආපදාවකින් තොරව ආරක්ෂිතව ඉන්න මේ සෙසු ඇත් පන්තියට වාසනාව ලැබුණා.
සොබාදහම කෝප වී මහා ව්‍යසනයක් රට තුළ ඇති උනත් ඉන්දි රාජා නම් ඒ අභිමානවත් හස්තියා සිය ගම්භීරත්වය අංශුවකිනුදු අඩු කර ගත්තේ නැහැ. . මද කිපී සිටි සමයේ පවා ඔහු ගේ නොසැලෙන ස්ථාවරය ඔහු තුළ තිබුණා. තරිදු එක්තරා පුවත්පතකට පවසා තිබුණේ ඒලෙසයි.
වෙනදාට අණ ලැබුණු සැණින් නිදාගන්නා ඉන්දි රාජා, එදින පශු වෛද්‍ය තරිඳුගේ අණට කීකරු වෙලා නැහැ. . පශු වෛද්‍යවරයා පවසන අන්දමට, “මේ ඇතාට මෙතරම් පණ්ඩිතකමක් ඇයි දැයි” ඔහුටත් සිතෙන තරමටම ඇතා දැඩි ලෙස සිය මතයක සිට ඇති බවයි ඔහු පැවසුවේ.
(පශු වෛද්‍යවරයා) ඇත් පන්තිය භාර ප්‍රදීප්ට මං කිව්වා අයියෙ, පොඩ්ඩක් ඉන්නකො මං යනකං කියලා. මං එතනින් අයින් උනා. ඊටපස්සෙ මෙන්න ඇතා අගේට නිදාගත්තා.”
නමුත් ඒ මුරණ්ඩුකම පිටුපස තිබුණේ ගැඹුරු බුද්ධියකි. තමන්ට ප්‍රතිකාර කරන, කටු අනින, බෙහෙත් විදින වෛද්‍යවරයා තමන් ඉදිරිපිට සිටියදී බිම දිගා වී අවදානමක් ගැනීමට ඉන්දි නායක ඇතා කැමති උනේ නැහැ.
වෛද්‍යවරයා එතැනින් ඉවත් වූ සැණින්, ඇතා ඉතා සැහැල්ලුවෙන් නිදාගත්තේ සියල්ලන් පුදුමයට පත් කරමිනි. ඔහු ඇත් ගාලේ නායකයා වන්නට ඇති සුදුසු කම වන්නේද ඔහු තුල ඇති ඒ මනා බුද්ධියයි.
තොරතුරු – පශු වෛද්‍ය තරිඳු විජේකෝන් (ශ්‍රී දළදා මාලිගාව,














