භාවිත කළ සහ නවීකරණය කරන ලද වාහන සඳහා පනවා ඇති 50% ක අධිභාරය (Surcharge) 2026 දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
පසුගිය වසරේ (2025) ජනවාරි සහ අප්‍රේල් මාසවල නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් පැනවූ මෙම ගාස්තු සංශෝධනය තවදුරටත් බලාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2026 වසරේ අවසානය දක්වා වාහන ආනයනයේදී පවතින මෙම අධිභාරය එලෙසම ක්‍රියාත්මක වනු ඇත.














