අඩු ආදායම්ලභී වයස අවුරුදු 70 ට වැඩි ප්‍රතිලාභීන්ට රජය විසින් ලබා දෙන රුපියල් 3,000 ක වැඩිහිටි දීමනාව 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට හිඟ දීමනා ද සහිතව ගෙවීමට සුදානම් කර ඇති බව වාර්තා වේ.
මාර්තු මස 20 වනදා සිට අදාළ ගෙවීම් සිදු කරණ බව වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චතුර මිහිදුම් මහතා පවසා තිබේ.
අස්වැසුම්ලාභී වැඩිහිටියන්ට එම දීමනාව සුබසධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ස්ලිප් ක්‍රමය මගින් ඝෘජුවම අස්වැසුම් ගිණුම් වලටම ගිණුම් ගත කිරිමට නියමිතය.
ඒ අනුව මෙතෙක් දීමනාව ලබමින් සිටි අස්වැසුම නොලබන පවුල්හි වැඩිහටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල මගින් හිඟ දීමනා ද සහිතව මාර්තු මස 20 දින සිට ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.
මෙමගින් දුෂ්කර ප්‍රදේශයන්හි ප්‍රතිලාභීන්ට අපහසුතාවයකින් තොරව මුදල් ලබා ගැනීමට හැකි බවද ඒ මහතා වැඩිදුටත් පවසා ඇත.