• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

වැඩ කරන ජනතාවගේ අයිතීන් කෙලසන ආණ්ඩුව සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ – විපක්ෂනායක සජිත්

16 August 2023
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජන ඝාතක, ජන පීඩක රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (16) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී එය අමතමිනි.

අන්ත වාමාංශික හෝ ධනවාදී ප්‍රතිපත්තිය නොව තුන්වැනි මාවත අනුගමනය කරන පක්ෂයක් ලෙස මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජ දේශපාලන අයිතිවාසිකම් ද සුරක්ෂිත කිරීමට කැපවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රට පාලනය කරන්නේ වරමක් නැති විශ්වාසයක් නැති පිළිගැනිමක් නැති ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් බවත් ඔවුන් රට බංකොලොත් කළ කල්ලියක් සමඟ දේශපාලන සූදුවක නියැලෙමින් කල්ලිවාදය නිර්මාණය කරමින් රටේ ජාතික අවශ්‍යතාව නොව තමන්ගේ පෞද්ගලික බඩගොස්තරවාදය මත පදනම්ව තනතුරු හා ප්‍රතිලාභ වරදාන වරප්‍රසාදවලට ගිජුවී මනුෂ්‍යකම නොදන්න ප්‍රතිපත්තියක් නොමැති පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.

එමෙන් ම කම්කරු ප්‍රජාවට එරෙහිව මේ යෝජනා කරන ලද අදහස් තුළ ගැබ්ව ඇති අමානුෂිය යෝජනා තරයේ හෙලා දකින බවත් මෙරට කිසිදු කාන්තාවකට වැඩ කරන ජනතාවට මෙවැනි දරදඩු මෘග්ධ යෝජනා සමඟ එකඟ විය නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කර, භාෂා ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මූලික අයිතිවාසිකම් කඩ කරමින් රජය ඉදිරිපත් කළ ජනතා විරෝධි යෝජනා තරයේ ම ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂනායකවරයා පැවසීය.

තවද රටක සෞභාග්‍ය උදා කරලීම සදහා ධනය උත්පාදනය කළ යුතු බව යි ඒ සදහා සමාජවාදයට සමාජවාදයට හැකියාවක් නොමැති බවත් ඒ සදහා මානුෂීය ධනවාදය පමණක් යොදා ගත හැකි බවත් පැවසූ ඔහු කියා සිටියේ පෞද්ගලික ව්‍යවසායට සහ ධන උත්පාදනයට උපරිම සහාය ලබා දී මානුෂීය ධනවාදය උපයෝගී කර ගෙන එම ධනය පොදු ජනතාව අතර ද බෙදා දැක්විය යුතු බව පැවසීය.

2016 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයට අනුව රටේ ජාතික ආදායමෙන් පොහොසත්ම සියයට 20 දෙනා ජාතික ආදායමෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයක් හා දුප්පත් ජනතාව භුක්ති විදින්නේ සියයට 4ක් හෝ 5ක් බවත් එහි අමානුෂිය ධනවාදයක් ඇති බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසූ හෙතෙම තවදුරටත් කියා සිටියේ මෙරට වැඩ කරන ජනතාව ආරක්ෂා වෙන්නේ රැකියා වියුක්තියෙන් නොව නියුක්තියෙන් බවයි. එම නිසා ධන උත්පාදනය සදහා උපරිම සහයෝගය ලබා දිය යුතු බවත් ඒ සඳහා නිපුණතාවයෙන් කුසලතාවයෙන් යුත් වැඩ කරන ජනතාවක් අවශ්‍ය බවත් එසේ උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වය තුල සර්ව සාධාරණව බෙදී යා යුතු බවත් පැවසීය.

මෙහි දී කම්කරු සුරක්ෂිතභාවයයි ධන උත්පාදනයයි එකට යා යුතු බවත් එවන් ප්‍රබුද්ධ ප්‍රශස්ත විසදුමකට යොමුවිය යුතු බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය සිටින්නේ වැඩ කරන ජනතාව සමඟ බවත් අර්ථ සාධකයකට අත තිබ්බ ආණ්ඩුව සමග ගිවිසුමක්වලට එම නිසා එළබිය නොහැකි බවත් පැවසීය. එමෙන් ම විසදුම් සොයා යන ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජන වරමකින් බැහැරව කිසිදු තනතුරක් තාන්න මාන්නයක් භාර ගැනීමට සූදානම් බවත් මෙහි දී වැඩිදුරටත් පැවසීය.

Post Views: 11
Previous Post

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිණෙන නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Next Post

මධ්‍යම ඩෙංගු මර්ධනයට විශේෂ ඒකකයක්

editor

editor

Next Post

මධ්‍යම ඩෙංගු මර්ධනයට විශේෂ ඒකකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved