27 April 2024
#දේශීය

මධ්‍යම ඩෙංගු මර්ධනයට විශේෂ ඒකකයක්

මධ්‍යම පළාතේ ඩෙංගු රෝගය පැතිරීම මැඩලීම සදහා විශේෂ මෙහෙයුම් ඒකකයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත.

ඩෙංගු ‍රෝගය සම්බන්ධයෙන් මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා සහ ප්‍රාදේශීය වසංගතවේදඥ වෛද්‍ය ක්‍රිෂාන්ත මසාච්චි මහතා සමග මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදුකළ සාකච්ඡාවකදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීම සදහා (16) අදාල අංශ වෙත උපදෙස් ලබා දීම සිදුවිය.

මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.

 

 

මාතලේ – මහේෂ් 

Leave a comment

Your email address will not be published. Required fields are marked *