ප්‍රකට සහල් ව්‍යාපාරික මිත‍්‍රපාල ලංකේෂ්වර මහතාට අයත් වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී මෝල් සංකීර්ණයේ අද (24) ගින්නක් හටගෙන තිබේ. ගින්න සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු අනුව, වී මෝලේ දහයියා අළු තැන්පත් කර ඇති ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව එහි සේවකයෙකු ප්‍රකාශ කර ඇත. ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බව එම සේවකයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිදුවීම පිළිබඳව අප ව්‍යාපාරික මිත‍්‍රපාල ලංකේෂ්වර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ කුඩා කාමරයක සිදු වූ විදුලි කාන්දුවක් (වයර් ෂෝට් එකක්) හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මෙය බරපතළ තත්ත්වයක් නොවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.














