බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රිය සමග වැලිගම, පැලෑන දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටී අද (14) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
එම අනතුරෙන් වෑන් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙයි.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ස්ථාපිත අනතුරු ඇඟවීමේ සීනුව මෙන්ම ආලෝක සංඥා පද්ධතිය ද ක්‍රියා විරහිතව පැවති බව වැඩිදුරටත් සඳහන් වෙයි.