අද (17) බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
‘අනතුරු ඇඟවීම් මට්ටම 01’ ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යන ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව, මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කෝරළය සහ, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රදේශවලට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.