දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එහි ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කළු ගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය, කිරිඳි ඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බවත්, එම ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව ආපදා තත්ත්වයන් වාර්තා විය හැකි බවද සඳහන්.
ලුණුගම්වෙහෙර ජලාශයට සැලකිය යුතු ප්‍රමාණයක ජල මට්ටමක් ලැබී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගංගා දෙපස පදිංචිකරුවන් දැඩි ලෙස විමලිසිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා.