දැනට පුරප්පාඩුව පවතින රජයේ විගණකාධිපති තනතුර සඳහා විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
2025 අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුව පවතින මෙම ධුරයේ මාස අටකට ආසන්න කාලයක් වැඩබැලූ ගම්මන්පිල මහතා, එම වගකීම දැරීමට වඩාත්ම සුදුසු පුද්ගලයා බව උන්වහන්සේලා පෙන්වා දෙති. පිටස්තර පුද්ගලයෙකු මෙම භාරදූර තනතුරට පත් කිරීම යෝග්‍ය නොවන බව මහානායක හිමිවරුන්ගේ අදහසයි.
ස්ථාවර විගණකාධිපතිවරයෙකු නොමැති වීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ විවිධ මතභේද මතුවෙමින් පවතින බවත්, මීට පෙර නිර්දේශ වූ කිහිපදෙනෙකුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවත් එම ලිපිය මඟින් අවධාරණය කර ඇත. මල්වතු, අස්ගිරි සහ අමරපුර යන මහ නිකායන්හි මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමු කළ මෙම ලිපිය හරහා පෙන්වා දී ඇත්තේ, විගණන ක්ෂේත්‍රයේ අභ්‍යන්තර අත්දැකීම් සහිත නිලධාරියෙකු පත් කිරීම මඟින් රාජ්‍ය මූල්‍ය විනය වඩාත් ශක්තිමත් කළ හැකි බවයි.














