දිවයිනේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසල් ජාලයක ශාඛා 15ක් ඉතා සූක්ෂ්ම ලෙස බිඳ, රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කළ “අයිස්” මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වූ සැකකරුවන් දෙදෙනෙකු අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදුලි කාර්මික ඇඳුමින් සැරසී පැමිණෙන මොවුන්, වෙළෙඳසල වසා විනාඩි 15ක් ඇතුළත ක්‍රියාත්මක වී, ආරක්ෂක පද්ධති අක්‍රිය කර විනාඩි 3ක් වැනි සුළු කාලයකින් මත්පැන්, සිගරට් සහ කිරිපිටි පමණක් සොරාගෙන පලායෑමට දක්ෂ වී ඇත. මුදල් සොරකම් නොකිරීමෙන් නීතියෙන් බේරීමට හැකි බවත්, එකම සැලැස්මකට ඇති වෙළෙඳසල් බිඳීම පහසු බවත් සැකකරුවන් පාපොච්ඡාරණය කර ඇති අතර, මොවුන් දිනකට අයිස් මත්ද්‍රව්‍ය පැකට් 25-30ත් අතර ප්‍රමාණයක් භාවිත කරන බව ද හෙළි වී තිබේ.














