ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය මත පදනම් විය යුතු බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට මේ වන විට වඩාත් අවශ්‍ය වන්නේ විසිරී පවතින පර්යේෂණ ආයතන ඒකාබද්ධ කරන මධ්‍යගත, ශක්තිමත් ආයතනික ව්‍යුහයක් බවයි.
මෙම සංචාරය අතරතුර A*STAR හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ විපක්ෂ නායකවරයා, තමා බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව තුළ “විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා වූ ශ්‍රී ලංකා ඒජන්සිය” (SLASTI) ස්ථාපිත කිරීමට ප්‍රතිඥා දුන්නේය.
දැනට මෙරට පවතින පර්යේෂණ ආයතන අතර පවතින සම්බන්ධීකරණ මදිකම සහ අරමුදල් හිඟකම මඟහරවා ගැනීමට මෙම නව ආයතනය තීරණාත්මක වනු ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ කෘෂි-ජෛව තාක්ෂණය, ආහාර සුරක්ෂිතතාව, කෘතිම බුද්ධිය (AI), ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට යෝජිතය.
විශේෂයෙන්ම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සිංගප්පූරුව අනුගමනය කරන “දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් රජයෙන් සහ 1% ක් පෞද්ගලික අංශයෙන්” ලබාගන්නා ආයෝජන ආකෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.














