උතුරු කළුතර ප්‍රදේශයේ ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන අයාලේ යන සුනඛයෙකු ඉකුත් සතියක කාලය තුළ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු සපා කා ඇති බව වාර්තා වේ.
උතුරු කළුතර කැලිඩෝ පාරේ, මහෙස්ත්‍රාත් නිල නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක රැඳී සිටින මෙම සුනඛයා මාර්ගයේ ගමන් කරන පිරිස් ඉලක්ක කර ගනිමින් පහර දීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටිති.
සුනඛයාගේ සපා කෑමට ලක්වූ පුද්ගලයන් මේ වන විට කළුතර ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන එම සුනඛයා මර්දනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවන ලෙස කළුතර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක නිර්මල මහතා උතුරු කළුතර පොලිසියෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
සුනඛයාගේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට සහ රාජකාරි කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත.












