පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2කම අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 1,400කල ප්‍රමාණයක් මුදා හැරෙයි.
එසේම, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හයක අද අලුයම සිට විවෘත කර ඇති බව පොල්ගොල්ල මහවැලිවේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ද අවධාරණය කර තිබෙනවා.
මෙම දොරටු අඟල් 18 බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 9,000ක් ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරෙයි.
කෙසේ වෙතත් අදාළ වාරිමාර්ග අංශ පවසා සිටින්නේ පොල්ගොල්ල පහල ප්‍රදේශවල ජනතාවට මහවැලි ගඟ පරිහරණයේ දී වැඩි අවදානයෙන් හා සුරක්ෂිතව පියවර ගන්නා ලෙසයි














