• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කළ හැකියි – අගමැති

9 October 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරීමට හැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බවයි.

ඒ ඉලක්කය සපුරාගැනීමේ අරමුණ ඇතිව අපනයන ආර්ථිකය නිර්මාණයට දායක වන පෞද්ගලික අංශයට සහාය වීම සඳහා රුපියල් බිලියන 500ක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික විශ්‍රාම දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” ජාතික විශ්‍රාමික සැමරුම් දිනය අදට යෙදී තිබෙනවා. සියලූ දෙනාම සේවයට පැමිණි කාලයේ මමත් දේශපාලනය ආරම්භ කළා. රටේ නීතියට අනුව විශ්‍රාම වයසට පසුව සියලූ දෙනාම විශ්‍රාම ගත යුතු වෙනවා. දේශපාලනඥයින්ට විශ්‍රාම ගැනීමට නියමිත වයසක් පනවා නැහැ. ඒ නිසා මමත් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකතුමත්,සම්බන්ධන් මැතිතුමත් තවම දේශපාලනයේ රැඳී සිටිනවා. රාජ්‍ය සේවයේ අත්දැකීම් රාශියක් තිබෙන විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටිනවා. හැටේ දශකයේ හා හැත්තෑව දශකයේ බොහෝ පිරිසක් රාජ්‍ය සේවයට එක් වුණා. 1977 වසර වන විට මෙහි සිටින බොහෝ පිරිසක් රාජ්‍ය සේවයේ සිටියා. එහිදී පාලන ආර්ථිකයක සිට විවෘත ආර්ථිකයකට පරිවර්ථනය වීමට සිදු වුණා. රජයේ සේවකයින් එම වැඩ කටයුත්ත සිදුකිරීමට ක්‍රියාකල බව සඳහන් කරන්න කැමැතියි. විවෘත ආර්ථිකය ඇති කළ විට රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අඩු වෙතැයි විශාල බියක් පැතිරුණා. ඒත් එම සංඛ්‍යාව විවිධ ආණ්ඩු යටතේ වැඩි වුණා. 1983 වසරේදී කෝලහාල ඇතිවූ විට එම තත්වයන්ට මුහුණදුන් ආකාරය වගේම 1978 කාලයේ උතුරු නැගෙනහිර සුළි සුළඟට මුහුණදුන් ආකාරය මට සිහිපත් වෙනවා. අපි මේ සියල්ලකටම මුහුණ දෙමින් විශාල සංවර්ධනයක් ඇති කළා. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර වසර 05 කින් අවසන් කිරීමට හැකි වුණා. නව අගනුවර වශයෙන් කෝට්ටේ ඉදිකිරීමට විශාල කැපවීමක් සිදුකළා. නිවස ඉදිකිරීම, විදුලිය ලබාදීමට, වගේම සංවර්ධන සභා මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදු කළ සේවය මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ සියල්ල සිදුවන විට යුද්ධයට මුහුදීමට සිදු වුණා. ඒ යුද්ධමය හා දකුණෙ භීෂණ වාතාවරණය මත වුවද ඔබ සියලූදෙනාම ආණ්ඩුව පවත්වාගෙන ගියා. එහිදී ඇතැම් නිලධාරීන්ගේ ජීවිත පවා අහිමි වුණා. 2004 වසරේ සුනාමියට මුහුණදීමට සිදුවුණා. ස්වභාවික ව්‍යවසනයන්හිදී ජීවිත ගලවාගෙන යළි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඔබ සියලූ දෙනා කටයුතු කළා. යුද්ධය නිමාකර ආර්ථික අභියෝගවලට මුහුණදී සංහිදියාව ඇති කිරීමේ පල පුරුද්ද ඔබ සතුව තිබෙනවා. ඒ නිසා එවැනි කාලයක සේවය කළ ඔබ සියලූ දෙනාටම මම ස්තූතිය පළ කරනවා. ඔබ කළ සේවය නිසා රාජ්‍ය යාන්ත්‍රණය යුද්ධවලින්, කෝලහාලවලින්, ස්වභාවික ව්‍යවසනවලින් ආරක්‍ෂා වුණා. විශ්‍රාමික ලේකම්වරුන්ගේ අත්දැකීම් රටට ලබාගත හැකි ආකාරය පිළිබඳව එම සංගම්වලින් ප්‍රශ්න කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සඳහා විශ්‍රාමික ලේකම්වරුන්ගේ සේවය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ඇති කිරීමට පියවර ගන්නවා. ඔබේ සේවය අගය කරන රජයක් වශයෙන් විශ්‍රාමිකයින් වෙනුවෙන් දෙවතාවක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු කළා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමේදී 635,000 කට විශ්‍රාම වැටුප් ගැටළු ඇති වුණා. 2015 වගේම 2019 අයවැය යෝජනා මගින් එම විශ්‍රාම වැටුප් ගැටළු වලින් 85% ක් පමණ නිරාකරණය කර තිබෙනවා. සියලූම ගැටළු විසඳීමට හැකි වූවා යැයි මම ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් බොහෝමයක් ගැටළු අප විසදා දී තිබෙනවා. මෙම ගැටළු විසඳීමට අප ක්‍රියා කළේ සාමාන්‍ය කාලයක නොවේ. රටේ විශාල ණය බරක් තිබෙන අවස්ථාවක මෙම සියලූ කටයුතු අප සිදු කළා. ණය ලබාගැනීමට නොහැකිව ජාත්‍යන්තරය තුළ රට කෙරෙහි ඇති විශ්වාසය අහිමි වී තිබුණා. පසුගිය කාලය තුළ ණය ගෙවමින් ආර්ථිකය ස්ථාවර කර අයවැය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීමට අප පියවර ගත්තා. ඒ සියල්ල සමග වැටුප් වැඩිකර විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අප කටයුතු කළා. ජීවන වියදම වැඩිවන සෑම අවස්ථාවකම ඔබේ ආදායම ඉහළ නැංවීම ක්‍රියා කළා. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීමට අප පියවර ගත්තා. භූමිතෙල්, පෙට්‍රල්, ගෑස් ඇතුළු ඉන්ධන මිල වසර 5ක් යනතෙක් පාලනය කර මිල ඉහළ යෑමට ඉඩ දුන්නේ නැහැ. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වසර 05 කින් වැඩිවී නැහැ. සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන්කරන ලද මුදල පෙරටත් වඩා වැඩිකර තිබෙන නිසා එම ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවී තිබෙනවා. ස්ටෙන්ට් නොමිලේ ලබාදීම වගේම විවිධ රෝග සඳහා සත්කාර කිරීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව සදහන් කරන්න කැමතියි. රජයේ රෝහල් නවීකරණය කර නව උපකරණ ලබාදී තිබෙනවා. එදා රජයේ රෝහල්වලින් නොලැබුණු සේවයක් අද රෝගීන් වෙත අප නොමිලේ ලබාදෙනවා.

ඔබේ නිවසට දැන් සුදු වෑන් පැමිණෙනවා. ඒ සුදුවෑන් වල සුවසැරිය නමින් ස්ටිකර් අලවා තිබෙනවා. අසනීප වූ විට සුවසැරිය ගිලන් රථ සේවය මගින් ඔබව රෝහල වෙත ගෙන යනවා. ඒ වගේම මුණුපුරු මිනිබිරියන් හට අසනීපයක් වූ විට ගෙවීම් පිළිබඳව හිතන්නට අවශ්‍ය නැහැ. ඒ සියල්ලම සුරක්ෂා රක්ෂණය මගින් ලබාදෙනවා. ඔබේ ජීවන බරෙන් කොටසක් අපි වක්‍රව අඩුකර තිබෙනවා. ඒ වගේම සමාජය දියුණු කළ යුතුව තිබෙනවා. විශ්‍රාම වැටුප් ක්‍රමය මීටත් වඩා නවීකරණය කිරීම පිළිබඳව මමත් ඇමතිතුමත් අද මෙම උත්සව අවස්ථාවේදී සාකච්ඡා කළා. නමුත් එම තත්වය ඇති කිරීමට රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා වැඩි විය යුතුයි. මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරීමට හැකි වෙනවා. ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල යාම තුලින් වර්තමාන රාජ්‍ය සේවකයාට මෙන්ම විශ්‍රාමික ඔබ සියලූ දෙනාටත් එහි වාසි අත්වෙනවා. ආර්ථික වර්ධනය එවැනි තත්වයකට පත්කිරීමට මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත්කළ යුතුයි. අපනයන ආර්ථිකය තුලින් ඇතිවෙන ආර්ථික වර්ධන වේගයෙන් මෙරට දියුණුවට පත්වෙනවා. ඔබ සියලූ දෙනා ඉටු කළ සේවය හේතුවෙන් මූලික ආර්ථික යටිතල පහසුකම් ස්ථාපිත වී තිබෙනවා. මහනුවර, කොළඹ, හම්බන්තොට දක්වා යටිතල පහසුකම් සංවර්ධනය කර තිබෙන නිසා විදෙස් ආයෝජන ලබාගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම බාරගෙන ඉදිරියේදීත් අප කටයුතු කරනවා. අපනයන ආර්ථිකයක් බවට පත්වීමට අවශ්‍ය පෞද්ගලික ව්‍යවසායන් ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී රුපියල් බිලියන 500ක් ලබාදීමට අප පොරොන්දු වී තිබෙනවා. ආර්ථික සංවර්ධනය ඇතිවීම තුලින් රට තුලට මුදල් ගලා එනවා. රට තුල මුදල් සංසරණය වැඩිවීම තුලින් රජයේ මුදල් ඉහල ගොස් සමාජ සුභ සාධනය වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් වෙන් කිරීමට හැකියාව හිමිවෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය ඔබේ අනාගතයට සෘජුව බලපාන බව මම මෙහිදී සඳහන් කිරීමට කැමතියි. අනාගතයේදී රට දියුණු වූ විට විශ්‍රාමික ඔබ සියලූ දෙනාට මීටත් වඩා නවීන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇතිවේවායි කියා ප්‍රාර්ථනා කරමින් මට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති වන්ත වෙනවා.” යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඒ. ජගත් ඩී ඩයස් යන මහත්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශ්‍රාමිකයින් රැසක් සහභාගි වී සිටියහ.

Post Views: 2
Previous Post

අසත්‍ය කරුණු ඇතුළත් ලිපි යැවු පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

Next Post

ගෝඨා දුමින්දගේ ‌නිවසට … දුමින්ගේ සහාය ‌‌ගෝඨාට

editor

editor

Next Post

ගෝඨා දුමින්දගේ ‌නිවසට ... දුමින්ගේ සහාය ‌‌ගෝඨාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේ රජය කිසිම හිරිකිතයක් නැතිව ඉන්ධන මිල වැඩි කරලා – නාමල්

මේ රජය කිසිම හිරිකිතයක් නැතිව ඉන්ධන මිල වැඩි කරලා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

මේ රජය කිසිම හිරිකිතයක් නැතිව ඉන්ධන මිල වැඩි කරලා – නාමල්

මේ රජය කිසිම හිරිකිතයක් නැතිව ඉන්ධන මිල වැඩි කරලා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved