යෝජිත විශ්වවිද්‍යාල පනත් සංශෝධනය මගින් විශ්වවිද්‍යාල සතු ස්වාධීනත්වය, නිදහස සහ ශාස්ත්‍රාලීය ප්‍රජාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
අද (22) පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
විශ්වවිද්‍යාල සතු ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය මෙන්ම ජාත්‍යන්තර සම්ප්‍රදායක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, නව සංශෝධන හරහා එම නිදහස අභියෝගයට ලක් නොවිය යුතු බව ප්‍රකාශ කළේය.
පවතින පනතේ අඩුපාඩු පවතින බැවින් ඒ සඳහා විපක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
නව නීති සම්පාදනය වන තෙක් පවතින නීතිය යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, නව පනත ක්‍රියාත්මක වන තෙක් පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට ලබා දී ඇති නියෝගය දැඩි විවේචනයට ලක් කළේය. මෙය නීතියේ ආධිපත්‍යය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා සිය කතාවේදී කරුණු කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු කළේය
ඒ නව විධිවිධාන හරහා බලය එක් තැනකට ඒකරාශී කිරීම මගින් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය බිඳ වැටෙන බව. මෙන්ම
මෙම සංශෝධන සිදු කිරීමේදී ශාස්ත්‍රාලීය ප්‍රජාව (Academics) සමඟ නිසි සංවාදයක් පවත්වා නොමැති වීම පිළිබදවයි.
එමෙන්ම සිතීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පර්යේෂණාත්මක නිදහස උල්ලංඝනය වීම තුළින් විශ්වවිද්‍යාල කෙරෙහි ඇති විශ්වාසය පළුදු වන බව ද විපක්ෂ නායකවරයා අවධානය යොමු කලේය.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, විශ්වවිද්‍යාල පද්ධතියේ ගෞරවය ආරක්ෂා වන පරිදි සහ කථිකාචාර්යවරුන්ගේ නිදහස තහවුරු වන පරිදි මෙම පනත් සංශෝධන සිදු විය යුතු බවයි.














