8 September 2024
#දේශීය #පුවත්

වෙඩතලතිව් රක්ෂිතය : ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

විල්පත්තුව, වෙඩිතලතිව් රක්ෂිතයට අයත් ප්‍රදේශයක රක්ෂිත තත්ත්වය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළේය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ජලජීවී වගා කර්මාන්ත උද්‍යානයක් පිහිටුවීම සඳහා වන ගැසට් නිවේදනය පසුගිය මැයි මාසයේදී නිකුත් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *