• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙනසකට මුල පුරන්න මාලිමාවට ඡන්දය දෙන්න – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර

4 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා අද (04) මාධ්‍ය  සාකච්ඡාවකට එක්වෙමිනි.

රටේ අද තිබෙන දේශපාලනයේ විකාරරූපී නාඩගම් තත්වයෙන් මුදාගෙන ඉහළට ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන බවත් පහත් පිළිකුල් කළ යුතු දේශපාලන සංවාදය එම තත්වයෙන් මුදාගත යුතුව තිබෙන බව හෙතෙම පැවසිය. එය කළ හැකි වැදගත් ස්ථානයක් වී තිබෙන්නේ මේ ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිපත්ති මූලික කරගත් සංවාදයක් ගොඩනැගීම මත බව ඔහු අනාවරණ කර සිටියේය.

රටත්, ජනතාවත් හෙළා තිබෙන දේශපාලන ප්‍රපාතයෙන් ගොඩගත හැක්කේ මේ ප්‍රතිපත්තිමය සංවාදය තුළින් පමණක් බව දිසානායක මහතා කියා සිටියේය.

එසේම දිසානායක මහතා මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති කිහිපයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් මෙහිදී සිදු සිදු කළේය. ” අප ඉදිරිපත් කර තිබෙන්නේ ‘දේශයේ අපේක්ෂාව’ යනුවෙන් නම් කළ, ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. දුප්පත්භාවයෙන් රටත්, ජනතාවත් මුදාගන්නේ කෙසේද? ඒ වෙනුවෙන් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරිපත්කර තිබෙනවා. රටක ආර්ථිකය මනින සියලුම මිනුම්දඬුවලින් මේ වන විට අප පහත්ම අඩියට තත්වයට වැටී තිබෙනවා.” විශාල ණය කන්ද, විදේශ වෙළඳාමේ බරපතළ හිඟය, රුපියල කඩා වැටීම, රාජ්‍ය ආදායම හීනවීම වගේ හැම පැත්තකින්ම මේ බව තහවුරු වී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු 71 තුළ සමස්තයක් හැටියට රට දුප්පත්කමේ අන්ත ප්‍රපාතයට වැටී අවසන්. එක යුගයකදී ඉහළ සාධනීය තත්වයන් පෙන්නූ දත්ත පවා අද පතුළටම වැටිලා. එයින් රටත්, ජනතාවත් ඉහළට ඔසවා තැබීම අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අරමුණයි. මේ වෙනකොට සමෘද්ධි සහනාධාරය ලබන දුප්පත් පවුල් ලක්ෂ 20ක් සිටිනවා. මේ ජනතාවට තිබෙන මූලිකම ප්‍රශ්නය මුදල් නැතිකම විතරක් නොවෙයි. සමාජයෙන් කොන්වීම, ගෞරවය නැති වීම, සාධාරණ අයිතිවාසිකම් නොලැබීම වගේ තත්වයන් රැසකට මුහුණදී තිබෙනවා.

මේ නිසා මුළු සමාජයම සමස්තයක් වශයෙන් විශාල පීඩනයකින් පසුවෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ සමස්ත සමාජයත්, ඒ වගේම ඒ සමාජයේ විශේෂ අවධානය යොමුකළ යුතු සමාජ තීරු පිළිබඳවත් මූලිකත්වයේලා සැලසුම් සකස්කර තිබෙනවා. ආබාධ සහිතවූවන්, රෝගීන්, වැඩිහිටියන්, ළමුන් හා කාන්තාවන් වැනි සමාජ තීරු ගැන විශේෂ අවධානය යොමුකර තිබෙනවා. උදාහරණයක් හැටියට අන්ධ කෙනෙකුට කියවා තේරුම්ගත හැකි පරිදි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයම වාචිකව වෙබ් අඩවියෙන් ශ්‍රවණය කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. අනෙක් පැත්තෙන් අපේක්ෂාභංගත්වයට පත්වී සිටින තරුණ පරපුර එයින් මුදා ගැනීමේ මූලික අවධානය අපේ ප්‍රතිපත්ති තුළ තිබෙනවා. කාන්තාවන් සම්බන්ධයෙන් සහ ළමුන් සම්බන්ධයෙන්ද ඒ වගේමයි. අපේ දරුවන් මේ තරගකාරී අධ්‍යාපන පීඩනයෙන් මුදා ගැනීමේ ව්‍යුහාත්මක අධ්‍යාපන වෙනස්කම් අපි සිදුකරනවා.

ඒ වගේම සෞඛ්‍යය, අධ්‍යාපන, ප්‍රවාහනය වගේ සේවාවන් ලබාගැනීමේ හැකියාව තමන්ගේ පොකට් එකේ තරමට තීරණය කරන රටක් වෙනුවට අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගත හැකි පරිදි රාජ්‍යයේ මැදිහත්වීම සැලසුම්සහගතව යොදවනවා. අද රාජ්‍ය සේවකයාත්, රජයේ සේවය ලබන්නාත් යන දෙදෙනාම අතෘප්තියෙන් ඉන්නේ. ඒ නිසා රාජ්‍ය අංශයේ සේවාවන් පෞද්ගලික අංශයට විකුණා දැමීම වඩාත් හොඳ බවට ජනතාව තර්ක කරන තත්වයකට පත්වෙලා. මේ තත්වයෙන් රාජ්‍ය සේවය මුදාගෙන ජනතාව වෙනුවෙන් සාධාරණ සේවා සැපයීමේ තත්වයට අපි පත්කරනවා.
රාජ්‍ය සේවයේ කඩාවැටීම අපේ රටේ අධිකරණ ක්‍රියාවලියෙන් ඉතාම පැහැදිලි වෙනවා. නඩුවක් විභාග කර තීන්දුව ලබාදීම දීර්ඝ ක්‍රියාවලියක කොටසක්. ඒ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂම, අලස, ඇල්මැරුණු තත්වයකට පත්වෙලා. මෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම අපේ මූලික අරමුණයි.

ඒ වගේම මහජන ආරක්ෂාව තහවුරු කෙරෙන ජාතික සමගිය ගොඩනැගීම, විශේෂ අවධානය යොමු කළ තවත් ක්ෂේත්‍රයක් උතුර-නැගෙනහිර ජනතාව ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් හෝ කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් භේදයක් නැතිව සහෝදරත්වයක්, සහජීවනයක් සහිත සමාජයක් අපේ රටේ බිහිකළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනැගීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මේ සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරමින් සිටියා. ජාතික ජන බලවේගයට බලය ලබාගතත හැක්කේ පොදු ජනතාව ඒ වෙනුවෙන් දක්වන දායකත්වයෙන් විතරයි. අප ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරණයේදී අපට බලය ලබාදෙන්න කියලා. ජනතාව මේ දක්වා පාලකයන් වෙනස් කරන්න උත්සාහ කළා. පාලකයන් හොඳ මිනිසුන් බවට පත්කරන්න උත්සාහ කළා. නමුත් වැඩක් වුණේ නැහැ. දැන් ජනතාව වෙනස් වෙන්න ඕනෑ. ඔබ ඒ වෙනස ඔබ තුළ ඇතිකරගෙන ඒ වෙනුවෙන් පාලනයක් ගොඩනඟන්න ඕනෑ. ජනතාව වෙනස්වීම පිළිබඳ ඒ නිර්භීත අධිෂ්ඨානශීලී ක්‍රියාමාර්ගය නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ‘මාලිමාව’ ලකුණ ඉදිරියේ ඡන්දය ලකුණු කිරීමෙන් මුලපුරන්න, කියලා අපි ඉල්ලා සිටිනවා.

අද ඇමතිවරුන් පත්කරන්නේ එක් එක් පුද්ගලයන් සතුටු කරන්න දෙන අල්ලසක් විදිහට. මන්ත්‍රීවරයා රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා. නැත්නම් රාජ්‍ය ඇමතිකමක් දෙනවා. රාජ්‍ය ඇමති රණ්ඩු කළාම නියෝජ්‍ය ඇමතිකමක් දෙනවා. නියෝජ්‍ය ඇමති රණ්ඩු කළාම කැබිනට් ඇමතිකමක් දෙනවා. මේ වගේ එකිනෙකා සතුටු කිරීමේ කැබිනට් මණ්ඩලයකින් රට ගොඩනඟන්න බැහැ. අපි ඇමති මණ්ඩලය පත්කරන්නේ විද්‍යාත්මක, සංයුක්ත විෂය පථයන් අනුවයි. උපරිම ඇමති ධුර 25යි. රට ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් කැපවුණු පුද්ගලයන් ඒ අමාත්‍යාංශවලට පත්කරනවා. අනික් හැමෝටම වඩා මේ සඳහා සුදුසුම කණ්ඩායම ජාතික ජන බලවේගය වටා එකතුවී ඉන්නවා. ඒ නිසා දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති සමාජ ගතකරන එය බලයක් බවට පත්කර රට ගොඩනැගීමට සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 10
Previous Post

ගෝඨාගේ දේශපාලන කඳවුරේ හැසිරීම ඉතා හිරිකිතයි – එජාප සභාපති කබීර් කියයි

Next Post

ඊලාම් කොඩිය ඔසවපු අය ගෝඨාභයට එකතුවෙද්දී ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා

editor

editor

Next Post

ඊලාම් කොඩිය ඔසවපු අය ගෝඨාභයට එකතුවෙද්දී ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved