වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිළිගැන්වූ තම නොබෙල් සාම ත්‍යාගය සිය සන්තකයේ තබා ගැනීමට ජනපතිවරයා අදහස් කරන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.
ඇය සිය සාම ත්‍යාගය අමෙරිකාවට පැමිණ ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ඔහු වෙත ඊයේ ලබා දුන්නා.
පසුගිය 2025 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ මචාඩෝ සහ ජනාධිපති ට්‍රම්ප් මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාව මෙයයි.
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ අමෙරිකාවේ අත්අඩංගුවේ සිටින පසුබිමක එරට විපක්ෂ නායිකාව අමෙරිකාවට පැමිණ මෙලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවුණා.
ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ මෙය අන්‍යෝන්‍ය ගෞරවයේ අපූරු සංකේතයක් බවයි.
කෙසේ වෙතත් නොබෙල් කමිටුවේ නීති අනුව එම ගෞරව නාමය සහ ත්‍යාගය තවදුරටත් හිමිවන්නේ ඇයටමයි.
නොබෙල් ත්‍යාගයක් වෙනත් අයෙකුට පැවරිම හෝ බෙදාගැනීම සිදු කළ හැකි වන්නේ නැහැ.
ධවල මන්දිරයෙන් පිටත රැස්ව සිටි ආධාරකරුවන් අමතමින් මචාඩෝ පැවසුවේ, “වෙනිසියුලානුවන් වන අපට අද දවස ඓතිහාසික දිනයක් බවයි. අපගේ නිදහස වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දැක්වූ සුවිශේෂී කැපවීම අගය කිරීමක් ලෙස මම මෙම පදක්කම ඔහුට පිරිනැමුවා” යනුවෙන් ඇය කියා කිටියා.
මචාඩෝ බොහෝ දුක් ගැහැට වලට මුහුණ දුන් අසිරිමත් කාන්තාවක් බවත් ඇය හමුවීම තමාට විශාල ගෞරවයක් බවත් ජනපති ට්‍රම්ප් පවසනවා.














