• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවට ජය ගෙනදුන් සිසුදරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුබපැතුම්

13 December 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

16 වැනි අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2019 නොවැම්බර් 26 වැනි දා සිට දෙසැම්බර් 01 තෙක් වියට්නාමයේ හැනොයි නුවර දී පැවැත්විය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ගණිත හා විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙක් (කණ්ඩායම් නායක, විද්‍යා-ගණිත නිබන්ධකවරුන් දෙදෙනෙක්) ඇතුළුව 15ක කණ්ඩායමක් ඊයේ (12) අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වූ අතර, අමාත්‍යවරයා එම විශිෂ්ට ඔලිම්පියාඩ් ශූරයින්ට සිය සුබපැතුම් පිරිනමනු ලැබීය.

මෙවර පැවැත්වූ ඔලිම්පියාඩ් තරගාවලියෙන් විද්‍යා අංශයෙන් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3ක් ද, ගණිත අංශයෙන් ලෝකඩ පදක්කම් 5ක් ද දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. ඒ අනුව, කොළඹ ආනන්ද විද්‍යාලයේ අත්සර ප්‍රනාන්දු ශිෂ්‍යයා විසින් විද්‍යා අංශයට අදාළ එම රන් පදක්කම දිනා ගැනිමට සමත්විය.

වවුනියාව දෙමළ විද්‍යාලයේ මියුරන් ජතුර්ෂන් රිදී පදක්කම ද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සචිරු නන්දිත සුබසිංහ, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ලකල්නා අමරජීව, වවුනියාව රඹේකුලම බාලිකා මහා විද්‍යාලයේ ශප්තකී සෙන්දුරන්, විද්‍යා අංශයෙන් ලෝකඩ පදක්කම් ද මඩකලපුව මිල්ලෙත් මහ්ලියර් මහා විද්‍යාලයේ සෆීක් ජීනා නෆ්රින් සහභාගීත්ව සහතිකය ද ලබාගත් අතර, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ රෙහාන් ආදිත්‍ය වීරකෝන්, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මෙනුෂා සිවකුමාර්, කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ තෙනුකි සිනෙලිකා බෝසිරිනි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තේජිත ඒකනායක, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ගෝකුල නයනජිත් බණ්ඩාර ගණිත අංශයෙන් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

අන්තර් ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට මෙවර රටවල් 26ක සිසුදරුවන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 58ක් ඇතුළුව පදක්කම් 177ක් අත්කර‍ගැනීමට සමත්ව තිබේ. මේ සඳහා පාසල් මට්ටමේ සිට කලාප, පළාත් සහ ජාතික මට්ටම තෙක් ගණිත සහ විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රවීණතා ලබාගන්නා සිසුන් අතරින් තෝරාගනු ලැබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම යටතේ ජාතික මට්ටමින් අන්තර්ජාතික තරගය නියෝජනයට තෝරාගැනුණු සිසුන් සඳහා විශේෂ පුහුණුවක් ද ලබාදී තිබේ. මෙම තරගාවලියේ කණ්ඩායම් නායක වශයෙන් කටයුතු කළ දෙහිඕවිට කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගයනිකා සුමුදු මහත්මිය, ගණිත නිබන්ධකවරයා වශයෙන් කටයුතු කළ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එස්.කේ.එම්.බී කේ භානගුප්ත ගුරුතුමන් සහ විද්‍යා නිබන්ධක වශයෙන් කටයුතු කළ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දුෂ්මා දි සිල්වා මහත්මියට ද, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත හා විද්‍යා ශාඛාවන්හි අධ්‍යක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයට ද, මෙම සද්කාර්යයට උරදුන් අනෙකුත් සියලු නිලධාරීන්ට ද අමාත්‍යවරයා මෙහි දී සිය කෘතවේදී ස්තුතිය පළ කළේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

ගුණාත්මක ඉන්ධන මහජනතාවට ලබා දෙන්න – ඇමැති මහින්ද

Next Post

ජනතාව බලා සිටි යුගය ඇරඹුණා – මන්ත්‍රී චන්දිම

editor

editor

Next Post

ජනතාව බලා සිටි යුගය ඇරඹුණා - මන්ත්‍රී චන්දිම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

9 September 2025
නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

9 September 2025
මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

බස් රථයක් දුම්රියේ ගැටී 10ක් මරුට

9 September 2025
අයිස්, කුඩු පාතාල ක්‍රියාකාරකම්, නඩු අස්සේ කැබිනට් මාධ්‍ය හමුව කැඳවයි

අයිස්, කුඩු පාතාල ක්‍රියාකාරකම්, නඩු අස්සේ කැබිනට් මාධ්‍ය හමුව කැඳවයි

9 September 2025

Recent News

මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

9 September 2025
නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

9 September 2025
මාරක බස් අනතුරෙන් 73 ක් මිය ගිහින්

බස් රථයක් දුම්රියේ ගැටී 10ක් මරුට

9 September 2025
අයිස්, කුඩු පාතාල ක්‍රියාකාරකම්, නඩු අස්සේ කැබිනට් මාධ්‍ය හමුව කැඳවයි

අයිස්, කුඩු පාතාල ක්‍රියාකාරකම්, නඩු අස්සේ කැබිනට් මාධ්‍ය හමුව කැඳවයි

9 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

මහින්ද විජේරාමෙන් පන්නයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රබල තීන්දුවක් (video සහිතයි)

9 September 2025
නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – හරිනි

9 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved