27 April 2024
#දේශීය

ජනතාව බලා සිටි යුගය ඇරඹුණා – මන්ත්‍රී චන්දිම

සෑම ගමකටම රුපියල් ලක්ෂ 20 බැඟින් ලබා දීමට කටයුතු කරන බව ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කෝඩි මහතා පවසයි.

ඒ මහතා ඊයේ (12) ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව බලා සිටි යුගය ඇරඹුණ බවයි.

එසේම ගම සංවර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20 ක් ලබා ‍දීමටත් රැකියා 700 ක් ලබා දීමට සාකච්ඡා වු බව විරක්කෝඩි මහතා පැවසිය. එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකුටම රැකියා 100 ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධීපතිවරයා ප්‍රකා ශ කළ බව හෙතෙම පැවසිය.

රටේ ජනතාව බලා සිටි යුගයක් අද උදා වී ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ වරප්‍රාද කප්පාදු කර එම මුදල් තැලෙන පොඩිවෙන දුප්පත් මිනිසුන් වෙනුවෙන් වෙන්වෙන යුගයක් ආරම්භ වී ඇති බවත් චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *