• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි – රිෂාඩ්

1 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලිය යුතු මැතිවරණයක් බවත් රටේ ජනතාවගේ දිළිඳුකමට විසඳුමක් ලබාදිය යුතුව තිබෙන අතර මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යය බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (30) දා වව්නියාවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ ජන රැළියට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොදින් සිතා බැලියයුතු මැතිවරණයක් බවයි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශ වලට ගොස් බොරු ප්‍රචාර ගෙන යන අතරම අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කර රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්න බව ද හෙතෙම පැවසිය. මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදිලා ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගිනිමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රට භාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත් වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව අපි දැනගත යුතුයි. ඇතැම් කණ්ඩායම් විසින් මුස්ලිම් නායකයින් පිළිබඳව බොරු ප්‍රචාරය කර මුස්ලිම් ජාතීන්ගේ ඡන්දය කඩා දැමීමට කොළඹ සිට නියෝජිතයන් කණ්ඩායම් ගමින් ගමට යවමින් සිටිනවා. මේ අවස්ථාවේදී අපි ප්‍රවේශමෙන් කටයුතු සිදු කළ යුතුයි. අපි ඉතා සන්සුන්ව සිතිය යුතුයි. අපි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්. අපගේ පවුලේ දරුවන්, ඥාතීන් අහිමිවූවන් ලෙස අනාතවී ඉන්දියාවටද ගියා, අපි සරණාගතයින් වශයෙන් හැම පැත්තෙන්ම දුක්විඳිමින් සිටියා. අපිට ඒක අමතක කරන්න බැහැ. බොහෝ කාලයක් තිස්සේ අතුරුදහන්වුවන් සොයාදෙන ලෙස ඉල්ලා අපගේ මවුවරුන් වවුනියාව, මන්නාරම, මුලතිවු, කිළිනොච්චි , යාපනය යන ප්‍රදේශවල ගොස් ඇති බව ඔබ සියලුදෙනා හොඳින් දන්නා කරුණක්. තවමත් අතුරුදන්වූවන් සොයමින් සිටින කණ්ඩායමක් හඩා වැලපෙමින් සිටිනවා. සිර ගෙවල්වල අපගේ තරුණයින්, සහෝදරයින් තවමත් සිටිනවා. රටේ ජනතාවගේ දිළිඳුකමට විසඳුමක් ලබාදිය යුතුව තිබෙනවා. මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි. මම ඇතුලු මගේ ජනතාව අවුරුදු 30ක යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන්නා. දකුණේ විවිධ කණ්ඩායම් බෞද්ධ ආගමික නායකයින් නමින් අද නීතිය අතටගෙන මුස්ලිම් පල්ලි , කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පු විනාශයට පත් කරමින් සිටිනවා. මේ තත්වය උදාකළේ කවුද කියා ඔබ සියලුදෙනා හොඳින් දන්නවා. එක්වන්න, එකමුතු වන්න, බෙදී නොයන්න. ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, වෙන්න පුලුවන් මනෝගනේෂන් , රාධා ක්‍රිෂ්නන් නැත්නම් දිගම්බන්ගේ පක්‍ෂය වෙන්න පුලුවන්. අපි සියලුදෙනා පක්‍ෂ බේදයෙන් තොරව එකමුතු විය යුතුයි. මෙය අපේ රට. අපව කිසිවෙකුට යටත් නොවී සියලුදෙනාම එකාවන්ව ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට සුදුසු එකම එක නායකයා සජිත් ප්‍රේමදාසයි. එමනිසා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දී හංසයා සළකුණට ඡන්දය ලබාදෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටින බව ” අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිලිනි සමන්මලි 

Post Views: 1
Previous Post

TNA සහාය සජිත්ටයි…….!

Next Post

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි – ඩිලාන් පෙරේරා කියයි

editor

editor

Next Post

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි - ඩිලාන් පෙරේරා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved