27 April 2024
#දේශීය

එයා ප්‍රේමදාස නෙමෙයි දැන් කොපිදාසයි – ඩිලාන් පෙරේරා කියයි

සජිත් ප්‍රේමදාස මහතාට තමාගේ කියා දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බවත් ඔහු කොපි කරන එක සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (01) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ ප්‍රේම කරන්නේ කොපියට තමාගේ පක්ෂයේ වැඩපිළිවෙළට වැඩපිළිවෙළට හෝ කණ්ඩායමේ වැඩපිළිවෙළට හෝ ජනතාවට නොවන බවයි.

එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය ” තව ඉස්සරහට කියයි ඇඳක් නැත්නම් ඇඳක් දෙන්නම් කොට්ටෙකුත් එක්කම මෙට්ටයක් දෙන්නම් කියයි. ,ඒ මදිවට නෝනා කෙනෙකුත් දෙනවා කියයි. මෙන්න මේ විහිළු මැතිවරණ ව්‍යාපාරයේ ඇඞ්මින් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *