• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය

14 August 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුල පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා මෙම හමුව පැවත්විණ. දෙරටට අතර විශේෂිත කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම මේ වනවිට සමස්ත දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකවන සූර්යබල සංග්‍රාමය ව්‍යාපෘතිය පිළිබදවත්, එම ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක කෙරෙන නෙට් ප්ලස් සහ නෙට් මීටරින් යන ක්‍රමවේදයන් පිළිබදවත් ස්විස්ටර්ලන්ත තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමුවිය. එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරන ආකාරය, ඒ තුළින් පාරිභෝගික ජනතාවට මෙන්ම ආයතනයක් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අත්වන ප්‍රථිලාභයන් පිළීබදව වැඩිදුරටත් තානාපතිවරයා, විෂයභාර අමාත්‍යවරයාගෙන් කරුණු විමසීය.

දිනෙන් දින වර්ධනය වන ජනගහනයත්, තාක්ෂණික වර්ධනයත් හේතුවෙන් ලෝකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති බවත්, අප සතුව පවතින්නාවූ සීමිත සම්පත් හමුවේ ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවීමට නියමිත බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලු සහගත තත්ත්වයෙන් මිදීමටනම් අප දැන්තියාම ස්ථිරසාර විසදුමක් සෙවීමට පෙළඹිය යුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය. මේ සදහා ශ්‍රී ලංකාව මේ වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වෙමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, සූර්ය, සුළං ආදි පුනර්ජනනීය ප්‍රභවයන් තුළින් මේ වනවිට ශ්‍රී ලංකාව සැලකියයුතු මට්ටමකට පැමිණ ඇති බව පැවසීය. විශේෂයෙන්ම දිවයින තුළ ක්‍රියාත්මක වන සූර්යබල සංග්‍රාමය මේ වනවිට ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, ඉදිරියේදී තවදුරටත් එම ව්‍යාපෘතිය වර්ධනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ස්විස්ටර්ලන්තයේ තානාපතිවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ඉදිරියෙන් ලංකාව සිටින බවයි. ලංකාව වැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදනය කෙරෙහි තම විශේෂ අවධානයක් යොමුවූ බවත් පැවසීය. ඒ අනුව ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර දිගු කලක පටන් පවතින මිත්‍ර සබදතාව තවතවත් තහවුරු කරමින්, ලංකාව තුළ විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබදව සිය රටේ අවධානය යොමුකරවීමට කටයුතු කරන බවත් පැවසීය.

 

Post Views: 5
Previous Post

ජනාධිපතිවරණයට පෙර සුදානමක් – 2020 ට අතුරු සම්මත ගිණුමක්

Next Post

හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න රජය සූදානම්

editor

editor

Next Post

හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න රජය සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved