27 April 2024
#දේශීය

ජනාධිපතිවරණයට පෙර සුදානමක් – 2020 ට අතුරු සම්මත ගිණුමක්

2020 වර්ෂයේ මුල් මාස 04ක කාලය සඳහා රජය වියදම් පවත්වාගෙන යාමට සඳහා අතුරු සම්මත ගිණුමකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බව සඳහන්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂය මුල් මාස 04ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් මෙම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කටයුතු කරණු ඇති.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *