පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි20 තරගාවලිය, දෙරටේම ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති තීරණාත්මක සන්ධිස්ථානයකි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් පූර්ව සූදානම වීම මෙහි ඇති විශේෂත්වයයි.
දෙරට අතර මෙතෙක් පවත්වා ඇති තරග 14න් තරග 10ක්ම ජය ගැනීමට එංගලන්තය සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.
වඩාත් කනගාටුදායක කරුණ නම්, 2014 වසරෙන් පසුව මේ දක්වා එංගලන්තයට එරෙහිව කිසිදු විස්සයි20 තරගයක් හෝ තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැති වීමයි
අවසන් වරට දෙරට අතර පැවති තරග 8කදීම ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජයට පත්වී තිබේ
කෙසේ වෙතත්, මෙම වසර ගණනාවක පරාජිත රැල්ලට තිත තැබීම ශ්‍රී ලංකා පිලේ මූලිකම අරමුණ වී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ සිටම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දැඩි පුහුණුවීම් කටයුතුවල නිරත විය.
අද රාත්‍රී 7ට ආරම්භ වන මෙම පළමු තරගය ජයග්‍රහණය කිරීම, කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමට මෙන්ම ලෝක කුසලානයට පෙර සාර්ථක රිද්මයක් සොයා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි.














