සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙනුවෙන් සමාජ සුබසාධන වැඩසටහනක් ද යෙදවීමට නියමිත බවයි.
එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය සඳහා සංචාරක ආකර්ෂණ ස්ථාන 100ක් දැනටමත් හඳුනාගෙන ඇති අතර, එක් එක් ආකර්ෂණ ස්ථානය සඳහා රුපියල් මිලියන 10ක් වෙන්කර එහි මූලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව, සංචාරකයින් සඳහා විවේක කේන්ද්‍ර (Rest Centers) ඉදිකිරීමට ද රජය තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම පියවර ඔස්සේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සහ සේවකයින්ගේ සුබසාධනය ඉහළ නැංවීම අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
මෙම යෝජනා ක්‍රම ඔස්සේ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින පිරිස්ගේ ජීවන තත්ත්වය යථාර්ථවාදී ලෙස ඉහළ නැංවීම සහ සංචාරක ආකර්ෂණ ස්ථාන සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.