හොරණ, කඳන්හේන ප්‍රදේශයේ පදිංචි අබේසිංහ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකුගේ උපන්දිනයන් අදට (පෙබරවාරි 03) යෙදී තිබීම සුවිශේෂී අහඹු සිදුවීමක් ලෙස වාර්තා වේ. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී බන්දුල අබේසිංහ මහතා (1970.02.03), ඔහුගේ දියණිය වන ලක්මි හිමාෂා (1998.02.03), බෑණනුවන් වන ප්‍රසාද් සුමිත් ගමගේ (1994.02.03) සහ බන්දුල මහතාගේ මස්සිනා වන නිශාන්ත ප්‍රියදර්ශන (1970.02.03) යන සිව්දෙනාම අද දින සිය උපන්දිනය සමරති. බන්දුල මහතා සහ නිශාන්ත මහතා දෙදෙනාම එකම වසරේ එකම දිනයේ උපත ලබා තිබීම තවත් විශේෂත්වයකි.
මෙම අපූරු අහඹු සිදුවීම සංසාරගත බැඳීමක ප්‍රතිඵලයක් ලෙස විශ්වාස කරන අබේසිංහ පවුලේ සාමාජිකයෝ, සෑම වසරකම පෙබරවාරි 03 වැනිදා ආගමික වතාවත් සඳහා වෙන් කරති. ඒ අනුව, වසර 30ක පමණ සිට පවත්වාගෙන එන සම්ප්‍රදායකට අනුව අද දිනයේ ද මාපුටුගල කරුණාරත්න ළමා නිවාසයේ දරුවන්ට දානමය පින්කමක් පවත්වමින් ඔවුන් මෙම සුවිශේෂී දිනය සැමරීමට කටයුතු යොදා තිබේ.
– උපුටා ගැනීම
ඉන්දික සංජිව විතාන – 2026.02.02 අරුණ පුවත්පතෙනි














