• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජිත් පරද්දවන මහ මොළකරු අගමැති රනිල් බවට මතයක්…

4 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය සීතල යුද්දයක් වී දශකයක් ඉක්මවූ පසු එහි එක් පාර්ශවකරුවෙක් එක් ඉල්ලීමක් ජයගත්තේ ය. එනම්, දශක දෙකහමාරක යාවජීව නායකත්වය සතුකරගෙන සිටින පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් නම්කිරීමේ බලයට කේවල් කරමින්, අරගලකාරී පාර්ශවය හෙවත් රනිල් වික්‍රමසිංහ ට එරෙහි පාර්ශවයේ ඉල්ලුම්කරු සජිත් පේමදාස විසින් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දිනාගැනීමයි.

 

එය ඔවුන්ගේ පාර්ශවයේ එක් ඉල්ලීමකට පමණක් පසුපසින් සිටී. සජිත් පාර්ශවය මුල සිට ම අරගලකාරී මාවතකට පිවිසියේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙනි. එහි තීරණාත්මක අවස්ථා කිහිපයක් පසුකිරීමට ඔවුන්ට සිදුවීය.

2010 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයා දරුණු පරාජයක් හිමිකරගැනීමෙන් අනතුරුව පක්ෂය අභ්‍යන්තරයේ මෝදු වූ සීතල යුද්දය කෘත්‍යාධිකාරී මණ්ඩලය ට හා විවිධ සාකච්ඡාවලට සීමාවී තිබුණ ද, 2012 දෙසැමිබර් 12 වන දින පැවැත්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එළිපිට පුපුරා ගියේ ය. ඉන් අනතුරුව යම් පමණකට උපක්‍රමික බවක් ප්‍රකට කළ රනිල් ට එරෙහි පාර්ශවය තම නායකයා ලෙස කරූ ජයසූරිය මහතා නායකත්වයේ අභිෂේක ගන්වන පියවර කිහිපයක් ම කරලිය ට ගෙන ආවේ ය. එහි කූඨ ප්‍රාප්තියේ දී එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ද හානි සිදුවිය. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ වැට ද පෙරළමින් ඊට අලාභහානි කරමින් අරගලය ට දායක වූ පාර්ශවයේ කිහිපදෙනෙකු ට බන්ධනාගාරගතවන්නට ද සිදුවී ය. 

මේ සියලු අරගල හමුවේ රනිල් වික්‍රමසිංහ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටියේ තම ප්‍රතිවාදීන්ට නියත පරාජයක් හිමිවන බව දැන සිටීමෙන් මෙනි. මෙවර ද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන තුරු ම රනිල් වික්‍රමසිංහ පාර්ශවය තම මතයේ දැඩිව එල්බගනිමින් කටයුතු කළේය. එහෙත් සජිත් පාර්ශවයේ ඉල්ලීමට යම් අවකාශයක් විවරකරමින් රනිල් වික්‍රමසිංහ විසින් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සජිත් පේමදාස ට අවස්ථාව ලබා දුන්නේ ය. එය සර්ව සම්පූර්ණ සුබවාදී ප්‍රවේශයකින් සිදුවූවාක් නොවන බව පැහැදිලි ය. මේ තත්ත්වය තුල රනිල් පාර්ශවය විසින් සජිත් පේමදාස වැලඳගනුයේ කපන්න බැරි අත ඉඹින්නට සූදානම්වන්නෙක්ගේ විලාශයෙන් බව බොහෝ විචාරකයින්ගේ මතය වී තිබේ.

රාජපක්ෂ කඳවුර මුල සිටම මැතිවරණයට ප්‍රවේශවන්නේ රටේ ජාතික ආරක්ෂාව පෙරමුණෙහි තබාගෙන ය. එය යුගයේ අවශ්‍යතාවයක් ලෙස සමාජගතවන්නේ කාලයක සිටය. පාස්කු දින බෝම්බ ප්‍රහාරයන්ගෙන් එය වඩාත් තීව්ර වී ය. ඊට අමතරව දේශීය සම්පත් විකිණීම හා රටේ භෞමික අඛණ්ඩතාව ඔවුන්ගේ සටන්පාඨයන් අතර ඉදිරියෙන්ම සිටී. 

මෙවන් පසුබිමක් තුල ආන්දෝලනාත්මක ගිවිසුම් පිළිබඳ කතාබහ ද කරලියට පැමිණ තිබේ. එය හුදෙක් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංන්ධානයේ නිල ප්‍රතිපත්තිය බව පැහැදිලි ය. එවන් එකඟතා හා ගිවිසුම් රට ට අහිතකර බවත්, රට ට වින කටින බවත්, රටේ ආරක්ෂාවට හා භෞමික අඛණ්ඩතාවට හානිකරන බවත් දීර්ඝ කාලයක සිට සමාජයේ සාකච්ඡාවට ලක් වූ කාරණාවන් ය. මේවන් ගිවිසුම් මැතිවරණයක් මුව විට අත්සන් කරන පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඒ අතින් විශේෂිත ය. 

එක්සත් ජාතික පක්ෂයට කෙසේ වෙතත් රට ට ම විශේෂිත, තීරණාත්මක ජනාධිපතිවරණයක් මුවවිට තබාගෙන ආන්දෝලනාත්මක ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් පියවර ගැනීම තම අපේක්ෂකයාගේ ඉරණම තීන්දුකරන තලයකදී සැලකිල්ලටගත්බවක් පෙන්නුම් කරයිද යන පැනය යමෙක්තුල උපදවයි. රනිල් වික්‍රමසිංහ නම්, ජේ.ආර් ට නොදෙවෙනි කෛරාටික බවක් විදහන බව කියන එක්සත් ජාතික පක්ෂ නායකයා විසින්, සජිත් පේමදාස නම් තම අහේතුක අපේක්ෂයා කෙරෙහි දක්වන සැලකිල්ල විමසුමට ලක්කිරීමට මෙය කදිම අවස්ථාවක් ද වෙයි.

ඒ අනුව, රටේ බහුතරයක් විශේෂයෙන් අවධානය ට ලක්කරන සංවේදී කරුණු කිහිපයක්, මැතිවරණය මුවවිට තම පක්ෂයේ ද මතය සේ සමාජගතකිරීම අතුරේ යන දේශපාලන ක්‍රියාදාමයක ට සම කරනවාට වඩා තම අපේක්ෂකයාගේ ජයග්‍රහණයට හේතුවනවා දැකීම සාමාන්‍යය යි. එහෙත් මේ මගින් උතුරු හා නැගෙනහිර ඡන්ද පදනමට යම් බලපෑමක් ඇතිකිරීම ද ඔහුගේ අභිප්‍රාය විය හැකි බව ද අමතක නොකළ යුතු ය. එය එසේ නම් ඒ මතය ද සමාජගතවීමෙන් අත්වන ඉරණම කෙබඳුවෙයි ද යන්න බාරදිය හැක්කේ මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිළුලයට පමණි.

ශ්‍රී ලංකා දේශපාලනයේ මැතිවරණයක් මුවවිට තබා තීරණාත්මක සංවේදී සාධක සමාජගතකරමින් සතුරා අතට ආයුධ ලබා දෙමින් කටයුතු කරන නායකත්වයක් මින්පෙර නොදුටු බවත් මේ සියලු දේ සියුම්ව සිදුවන්නේ සජිත් පේමදාසගේ ජයග්‍රහණයට නොව පරාජය උදෙසා බවත් මේ අතර එක්සත් ජාතික පක්ෂයට ළැදියාවක් දක්වන විද්වත් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද අද වනවිට එම පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවලට දැනුම්දීමට පියවරක් ගත්බව ද සාකච්ඡාව ට ලක්ව තිබේ.

ඒ අනුව ජනප්‍රියවාදී සටන්පාඨයන්හි ගැලී නොසිටින, ඉහළ මධ්‍යමපාන්තික ඇතැමුන් මේ පිළීබදව අවධානයෙන් සිටින බවක් දිස්වෙයි. ලුම්පන් එක්සත් ජාතික පාක්ෂිකයා කවදත් වග විභාගයකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාම්‍ය සටන් පාඨවල එල්ලී ඡන්දය පාවිච්චි කළද තීරණාත්මක ඡන්ද පදනම වන මැද පන්තිය හා නාගරික ඉහළ මධ්‍යම පන්තිය මෙහදී කටයුතු කරන ආකාරය සැලකිල්ලට ගත යුතුම ය. ඔවුන්ට අනුව රනිල් වික්‍රමසිංහ විසින් තමන්ගේ ම අපේක්ෂකයාගේ ජයග්‍රහණයට අවකපන බවක් පැහැදිලි යැයි මතයක් සිත්හි තබාගෙන කටයුතු කරන බවක් මින් පැහැදිලි වෙයි. 

* සටහන:
අකලූෂ විද්‍යාතිලක

Post Views: 0
Previous Post

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

Next Post

රනිල් ගේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ අත්සන්කරන MCCගිවිසුමෙන් රටෙන් පහෙන් එකක් ඇමෙරිකාවට…

editor

editor

Next Post

රනිල් ගේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ අත්සන්කරන MCCගිවිසුමෙන් රටෙන් පහෙන් එකක් ඇමෙරිකාවට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved