27 April 2024
#දේශීය

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ දෙමළ ජාතික සංධානයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවැසී ය.

දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා අද දිනයේ වව්නියාවේ පෞද්ගලික හෝටලයකදී රැස්වූයේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී සහය දෙනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය ගැනීමට බවත් මන්ත්‍රීවරයා පැවැසී ය.

අද උදෑසන 10.30 සිට සවස 4.30 වනතුරු පැවති එම රැස්වීමේ දී මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය වශයෙන් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම අවසන් තීරණය ගත් බව ද එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ ය.

* සටහන:
අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *