• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමගි ජන බලවේගය ලංකාවේ අලුත් පරිච්ජේදයක් නිර්මාණය කරනවා – සජිත්

2 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි  ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සමගි ජන බලවේගය හරහා ආරම්භ කරන්නේ අලුත් වැඩපිළිවෙලක් බවත්, ඒ හරහා අලුත් ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කර තිබූ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ගම් මට්ටමේ නියෝජිතයින් එක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පැවැත්වූ වැඩමුළු මාලාවේ අවසානය ලෙස දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකයින් එක් කරමින් දිස්ත්‍රික් මට්ටමේ වැඩමුළුව සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ස්ථර ගණණක, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි මැතිවරණ ක්‍රමවේදය. මැතිවරණ ක්‍රමවේදය තුළින්, පළාත් පාලන ආයතවල, පළාත් සභාවල, පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් පත් වෙනවා. ඒ වගේම සමස්ත රටේ ජනතාව රටේ ජනාධිපතිවරයා තෝරා ගන්නවා. පළාත් පාලන මට්ටමේ සිට මේ අය රටේ දුක්ගන්නා රාළලා බවට පත්වෙනවා. දුක්ගන්නා රාළ කියන්නේ ජනතා දුක හදුනාගෙන, දුක සියැසින්ම නිරීක්ෂණය කරලා, දුක, කදුළ වේදනවා අත්විදලා, දුක විග්‍රහ කරලා, දුකට විසදුම් ලබාදීමේ ප්‍රධානියායි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ව්‍යවස්ථාදායකයේ ඔන්බුඩ්ස්මන් කියලා තනතුරක් තියෙනවා. ඒ ඔන්බුඩ්ස්මන් කිය්නනේ දුක්ගන්නා රාළයි.

අද දවසේදී ගාලු දිස්ත්‍රික්කයේ මනුෂ නානායක්කාර කියන දුක්ගන්නා රාළ, රාමුවෙන් පිට පැනලා, සම්ප්‍රදාය පසෙක තබලා, අලුත් විදියට හිතලා, නව සංකල්පයක් තුළින් වඩාත් කාර්යශූර, වඩාත් ප්‍රශස්ත, වඩාත් ක්‍රියාශීලී දුක්ගන්නා රාළ බවට පත්වීමේ උත්සාහය තමයි අපි මේ දකින්නේ. පරිඝනක තාක්ෂණය කේන්ද්‍ර කරගෙන, තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරන මේ ව්‍යායාමයේ ඉලක්කය කුමක්ද? තමන් බලාපොරොත්තු වන ප්‍රත්‍යුපකාරී සේවාව වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කරන්නයි හදන්නේ. ජනතාවගෙන් ලැබෙන උපකාරය වන්නේ මහජන නියෝජිකත්වයයි. නොයෙක් ගරු නාම වලින් මහජන නියෝජිතයින් හදුන්වනවා. දුක්ගන්නා රාළට මේ හැම දෙයක්ම ලැබෙන්නේ ජනතාවයි. ජනතාව මේ කරන උපකාරයට කරන ප්‍රත්‍යුපකාරය, පොදු ජන සේවය ලෙස හැදින්විය හැකියි. මේ ප්‍රත්‍යුපකාරය විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ වැඩහටනක් තමයි මේ වැඩසටහන

අලුත් විදියට හිතලා, අලුත් විදියකට ජනතා සේවාව ප්‍රශස්ත සේවාවක් බවට පත් කිරිමට දැන් යෝජනා කරනවා. යල් පැන ගිය ක්‍රමවේද පැත්තකට තියලා, අලුත් ක්‍රමවේද මගින් ජනතාවගේ ගැටලු වලට විසදුම් ලබාදීමේ ක්‍රමවේදය මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වෙයන් අද නිර්මාණය වෙලා තිබෙවා. අද හුදෙක් උත්සයකට සහභාගී වනවාට වඩා වඩාත් විධිමත් ජනතා සේවාවක්, ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මේ ක්‍රියාත්මක වෙනවා. මනුෂ නානායක්කාර මැතිතුමා රාමුවකට කොටු වෙලා හිටියේ නැහැ. අලුතින් හිතලා විශිෂ්ඨ ජනතා සේවයකට නව ආරම්භයක් සමගින්, ජන බලවේගය අලුත් විප්ලවය හරහා ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයට මට දිය හැකි උපරිම ශක්තිය මම ලබාදෙනවා.

එතුමාගේ මේ වැඩසටහනට සුභ පතනවා වගේම, එතුමාගේ කුසලතාවයන්, හැකියාවන්, රටටත් අලුත් ජන බලවේගයටත් ශක්තියක් බවට පත්වේවි. මනුෂ නානායක්කාර මැතිතුමාගේ මේ වැඩසටහන ගාල්ලටත්, රටටත් අගයක් එක් කරන වැඩපිළිවෙලක් බවට පත්වෙනවා

සමගි ජන බලවේගය හරහා අපි ආරම්භ කරන්නේ අලුත් වැඩක්. අලුත් ගමනක්. ජනතා වාදී, ජනතා හිතකාමි, ජතාවට සෙත සලසන ව්‍යාපෘතියක්. ගෞරවනීය මහා සංඝරත්නය, අනෙකුත් පූජකතුමන්ලාගේ ආශිර්වාදය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ගමනේ අලුත් පරිච්ඡේදයක් අපි නිර්මාණය කරමු.

මේ සජිත් ජනපති කරන සටනයි – මනුෂ නානායක්කාර 

එක්සත් ජාතික පක්ෂය කඩාගෙන වැටිලා තනි පක්ෂයක් ලෙස බලය ලබාගැනීමට නොහැකි අවස්ථාවකදී ඉදිරි මහ මැතිවරණයෙන් බලය ලබාගෙන 2025 දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ගමන තමයි අපි මේ ආරම්භ කළේ. එකසත් ජාතික පක්ෂයේ නොතිබුණ සංවිධනාත්මක ශක්තිය අපි වර්ධනය කිරිමට අපි කටයුතු කරනවා. පාක්ෂිකයා ආරක්ෂා කරන ගමන් රටට අලුත් වැඩපිළිවෙලක් ලබාදීමට තමයි අපි මේ වැඩපිළිවෙල සකස් කර තිබෙන්නේ. අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ ගමේ තිබෙන ප්‍රශ්ණවලට කඩිනම් විසදුම් ලබාදීමට හැකියාව ලැබෙනවා.

මේ රට හදන්න පුලුවන් වෙන්නේ අනාගත පරපුර දැනුවත් කිරීමෙන්ම පමණයි. අපේ අනාගත පරපුර සවිබල ගන්වා අපේ රට දියුණු කළ යුතුයි. මේ නිසා තමයි අපි එදා කලා මාධ්‍යයෙන් තරුණ පරපුර ශක්තිමත් කිරීමට ජයවි ලංකා ක්‍රියාත්මක කළා. ඒ වගේම දැන් අනාගත පරපුර, නූතන ලෝකයට ගෙන යාමට තරුණ පරපර සූදානම් කළ යුතුයි. ගාල්ලේ දැනුවත්, උගත් කණ්ඩායමක් ඇති කරලා, ඡන්ද දායකයින් මෝඩයින් බවට පත් කරගෙන, බඩු මල්ලට, සල්ලිවලට ඡන්දය මංකොල්ල කෑමට නොහැකි, බුද්ධිමත්ව ඡන්දය තීරණය කළ හැකි තත්වයකට අපි හදන්න ඔ්න.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දැක්ම ගැන අපි හොදින්ම දන්නවා. තැලෙන්න තැලෙන්න මුවත්වන යකඩයක් වගේ ඔහු ශක්තිමත්. දුප්පත් කම නැති කරන තැන ඉදලා මේ රටේ දැවැන්ත තාක්ෂණික විප්ලවක් දක්වා ගෙන යාමට දැක්මක් තිබෙනවා. මොන බාධක පැමිණියත් එම ගමන යාමට ඔබ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කිරීමට ඔ්නෑම තීරණයක් අපි ගන්නවා. සමගි ජන බලවේගය හරහා සියලු දෙනාම එකතු කරගෙන අනවරත ගමනක යන බව මම මේ වෙලාවේ ශපථ කරනවා.

මම ජනාධිපතිවරණයට ඉල්ලන දවසට මගේ ශක්තියට එන්න කියලා තමයි ඔබතුමා මට එදා කිව්වේ. නමුත් මම ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා වෙන්නත් කලින්, එක්සත් ජාතික පාක්ෂිකයා හදාගනිපු ආණ්ඩුව හොරකම් කළ වෙලාවේ ඒක ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයා සමග අත්වැල් බැදගත්තා. එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හැදීමට මට මුල් පියවර තැබීමට හැකියාව ලැබුණා. මගේ තාත්තාගෙන් මට උරුම වුන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ප්‍රේමදාස මහත්තයාට වේදිකා ගහපු නිසා තමයි මගේ තාත්ත මට අහිමි වුනේ. මේ පක්ෂය නැවත වරක් ශක්තිමත් කරනඑක මගේ යුතුකමක්. වගකීමක්. මම අපේ නායකයා, ආගමික නායකයින් ඉදිරියේ මා ඒ වෙනුවෙන් ශපථ වෙනවා. හෙට දවසේ දැක්මක් ඇති සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක දැක්මක් ඇති ගාලු නායකත්වයක් ලෙස මම එකතු වෙනවා.

හෙට දවසේදී අපි සමගි ජන බලවේගය, සන්ධානය දියත් කරනවා. එතැන ඉදලා අපි අලුත් ගමනක් යනවා. එතැන ඉදලා අපේ සදාදරණීය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා බව මම සිහිපත් කරනවා.

Post Views: 1
Previous Post

එජාපය දෙකඩ වෙයි – රනිල් අලියාගෙන් – සජිත් දුරකථනයෙන්

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්

editor

editor

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තියුණු ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved