අවුරුදු සමයේදී ලබා දෙන සහන මල්ලේ සමපෝෂා පැකට් අඩංගු බවට තමා නොපැවසු බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු වසන්ත සමරසංහ අමාත්‍යවරයා,
“පසුගිය කථිකයෙක් සඳහන් කරලා තිබුණා මේ සමාජ මාධ්‍ය පැත්තෙන් සහ විපක්ෂය පැත්තෙන් මේ ආණ්ඩුව එළඹෙන අවුරුදු සමයත් එක්ක ලබාදෙන්න යන බඩුමල්ල සම්බන්ධව සාවද්‍ය පට්ටපල් බොරු මේ පාර්ලිමේන්තුවේ කියනවා. අර සමාජ මාධ්‍යවල තියෙන ඒවා ඇවිල්ලා මේකෙ කියනවා. මම ඒ නිසා ඉතාම වුවමනාවෙන් ඉල්ලනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමාජ මාධ්‍යවල තියෙන බොරු කියන්න එපා. මම ඉතාම පැහැදිලිව වෙළඳ අමාත්‍යාංශයේ දවසේ නලින් බණ්ඩාර විපක්ෂයේ මන්ත්‍රීතුමා මේ ගැන අහන වෙලාවේ හරි පැහැදිලිව මේ භාණ්ඩ මල්ලට එකතු කරන බඩු ලැයිස්තුව මොකක්ද කියලා. මම ඒ කියන ගමන්ම කිව්වා මේකෙ තියෙන්නෙ සුපෝෂ. සමපෝෂ නෙවෙයි. සුපෝෂ හදන්නෙ අපේ ත්‍රීපෝෂ ෆැක්ටරියේ. ඒ නිසා විපක්ෂයෙන් මේක සමපෝෂ කරන්න හදනවා. ටෙන්ඩරේකින් මේක කොහොමත් කරන්නෙ ගරු සභාපතිතුමිය, මේ බඩු මල්ලේ තියෙන්නෙ සුපෝෂ ග්‍රෑම් 200 පැකට් දෙකක්”
නමුත් ඩී. වී. චානක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම බඩු මල්ලේ සමපෝෂ පැකට් තිබෙන බවට පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයෙහි හඬපටය තමන් සන්තකයේ ඇති බවයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි බවත් ඔහු පැවසීය.
මේ ඔහු සමපෝෂ ඇති බවට ප්‍ර්‍රකාශ කල වීඩියෝවයි