225 දෙනකුගේ ඡන්දයට වඩා ලක්ෂ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය වටිනා බවත් ජනාධිපතිවරයාගේ බලපෑම උපයෝගී කර ගෙන එම ඡන්ද කල්දැමුවත් ලක්ෂ 220 වරම ලබා ගැනීමේ කැමැත්තක් ජනාධිපතිවරයාට ඇත්නම් පළමුව පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමිනි.
එසේම මේ වන විට වැදගත් වන්නේ 2019 ජනාධිපතිවරණයේ සහ 2020 මහමැතිවරණයේ වරම නොව මහ පාරේ ප්රජාතන්ත්රවාදය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් නඩු අංකය අත්වැරදීමකින් තමා විසින් කියැවූ අවස්ථාවේ එහි අන්තර්ගතය ගැන නොසිතා අංකයක් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ කියැවීම ලැජ්ජා සහගත බවත් නඩු අංකය මාරු වූවාට අන්තර්ගතයේ රට බංකොලොත් කළ පුද්ගලයන්ගේ නම් හරියට පවතින බවත් ජනාධිපතිවරයා පත් කළ 134 දෙනාට හරියට දෙයක් කියවා තේරුම් ගන්න බැරි වූවාට ජනාධිපතිවරයාට එම කරුනු තේරුම් ගැනීමේ හැකියාවක් තිබුණත් තමා පත් කළ 134 දෙනාට මෝඩ චූන් එකක් ලබා දීමට එම කරුණම අල්ලන් කෑ ගැසීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන් ම වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාව සිටියදී ‘මහින්ද හොරා අපට එපා’ යනුවෙන් කෑ ගසා පැවසුවත් මේ වන විට එම හොරා යැයි හැඳින්වූ පුද්ගලයා සමඟ උපන් දින කේක් කැපීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා මේ වන විට ජනමතයට ජනවරමට පයින් ගසා පුද්ගලික ඕනෑ එපා කම් මත තීන්දු තීරණ අරන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වගකීම් සම්බන්ධයෙන් කතා කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඔහුගේ වගකීම බවත් එසේ ජනවරම උරගා බැලීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ වරමින් වගකීම් බාර ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.