27 April 2024
#දේශීය

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ ( 21) දින සහාභාගී විය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam මහතා විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයාව උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ආරක්‍ෂක ලේකම්වරයා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අගය කළ අතර, තව දුරටත් එම සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.

තවද දෙරටෙහි හමුදා අතර පැවති සුහදත්වය සහ සහයෝගීතාවය ඔස්සේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට දෙපාර්ශවයම ගත් උත්සාහයන් පිළිබඳව මෙන්ම මුහුදු කොල්ලකෑම්, දෙරටේ ආරක්‍ෂව කෙරෙහි බලපාන වෙනත් අන්තර්ජාතික තර්ජන, ආපදා සහන මෙහෙයුම්වල වලදී දක්වනු ලබන අන්‍යොන්‍ය සහයෝගීතාව, මානුෂීය ආධාර, ද්විපාර්ශවික දැනුම හුවමාරුව සහ අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ වැදගත්කම යනාදී කරුණු පිළිබඳව ද ඔහු විසින් සිහිපත් කළේය.

ඉන්දීය සහ නේපාල මහ කොමසාරිස්වරුන්, මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *