8 September 2024
#දේශීය

සිරකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමත් නවත්වයි

විවිධ අපරාධ සහ නීති විරෝධි කටයුතු සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටින  රැඳවියන්  නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කර ඇත.

ඒ අනුව වැඩිදුරටත් ගෙන ඇති තීන්දුව වන්නේ  එම රැඳවියන්ට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී කර ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බවය.

ඇතැම් නඩු විභාග කටයුතුවල දිනයන් දිර්ඝ කිරිමට ද පියවර ගෙන තිබේ. 

මේ අතර බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරිමේ කටයුතු ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවත් දැනගන්නට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *