මෙවර ශ්‍රී පාද වන්දනාවේදී එක් පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිරිපා බැතිමතුන්ට පවසා තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් හටගත් ආපදා තත්ත්වය හා හැටන් පිවිසුම් මාර්ගයේ මහගිරිදඹේ සිරිපා මළුව ආසන්නයේ ඇති වූ කසළ කන්ද නාය යාම හේතුවෙන්, පස් හා ගල් කොටස් සමග එම ස්ථානයේ අත්වැටටත් සුළු හානි සිදුව ඇති බවත්, එබැවින් එම මාර්ගය තවදුරටත් අවදානම් පවතින බවත් බලධාරීන් සඳහන් කර සිටිනවා.
ඒ අනුව හැටන් මාර්ගය භාවිතය අවම කර, රත්නපුර සිරිපාගම සහ කුරුවිට එරත්න මාර්ගයන් හරහා වන්දනා කිරීමටයි රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර මහතා ඉල්ලා සිටින්නේ.
සිරිපා මළුව ආසන්නයේ කොටසක් මීටර් 600ක පමණ දුරක් නාය යාමෙන් එම ප්‍රදේශයටද යම් අවදානමක් මතුව ඇතත් සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට හා එම මාර්ගවලට ඉන් අවදානමක් නැති බවද ඒ මහතා පවසනවා.
යම් අවදානමක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.














