සුදු වෑන් වලින් පැහැරගෙන යාම සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍ය හමු පැවැත් වු හා ඔවුන්ට මුදල් ලබා දුන් පුද්ගලයින් නුදුරේදීම අනාවරණ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඒ මහතා අද (14) පන්නිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වු පසු රටේ ඇතිව තිබෙන වෙනස ජනතාවට පෙනෙන බවයි. ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට කොතරම් අපහාස, මඩ ප්‍රචාර සිදු කළ ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් බව හෙතෙම පැවසිය.
ජනාධිපතිවරණ අවසාන කාලයේදී එවකට හිටපු ඇමැතිවරයෙකු විසින් සුදුවෑන් රියදුරන් ලෙස යැයි පුද්ගලයින් දෙදෙනෙකු ගෙන්වා මාධ්‍ය හමු පැවැත්වු අතර එය වඩිඟ පටුන නැටුවා මෙන් යැයි ලේකම්වරයා කියා සිටියේය. ඒ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වු අය සම්බන්ධව පරික්ෂණයක් සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා අනාවරණ කලේය.
ඒ පරික්ෂණවල ප්‍රතිඵල නුදුරේදීම අප වෙත ලැබෙනු ඇති බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.එම මාධ්‍ය හමු මෙහෙයවුවන් මෙන්ම ඔවුන්ට මුදල් ලබා දන් පුද්ගලයින් ළගදීම හෙළි කිරීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි